කොළඹ විශ්වවිද්‍යාලය විසින් බිහි කරන ලද පැරණිතම විද්‍යාර්ථීන් අතර ජීවමානව සිටින විද්‍යාර්ථිනිය ලෙස පසුගියදා ඇගයුම් ලැබූ ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන්ගේ පළමු සිනමා නිර්මාණ අතරින් එකක් වන 'සංදේශය' මාර්තු මස 11 වැනිදා සවස 2.30ට නව කලාගාරයේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයට අයිරාංගනී සේරසිංහයන් විසින් සිදු කරන ලද අනූපමේය සේවය වෙනුවෙන් වූ උපහාර පිදීමේ උලෙළක් පසුගිය 28 වැනිදා ඇතුල්කෝට්ටේ පිහිටි අයිරාංගනී සේරසිංහ රංගවේදිනියගේ නිවසේදී පැවැත්වුණ අතර ඒ නිමිති කරගෙන කර ඇති සැලසුම් අනුව මෙම චිත්‍රපට ප්‍රදර්ශනයට කටයුතු යොදා තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ආදී විද්‍යාර්ථීන්ගේ සංවිධානය, සාමාජිකයන් හා කලා මණ්ඩලය, ශිෂ්‍ය අනුශාසක කාර්යාලය සහ විනය ආරක්ෂක කාර්යාලය ප්‍රධානත්වයෙන් මෙම උපහාර පිදීම සංවිධානය කරනු ලැබ පැවැත්විණි.