'80 '90 දශකයේ මෙරට සිටි ජනප්‍රියතම ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ජීවිත කතාව අනුසාරයෙන් නිමැවුනු "Rhythm of the Guitar: Clarence" අලුත්ම සිංහල චිත්‍රපටය තිරගත කරන්නට දැන් සියලු කටයුතු සූදානම් බවයි වාර්තා වන්නේ.
සාරංග දිසාසේකර - දිනක්ෂි ප්‍රියසාද් - දමිත් විජයතුංග - ධනුෂ්ක ඩයස් - ඉඳුවර සූරියබණ්ඩාර ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටය තේජා ඉද්දමල්ගොඩගේ අධ්‍යක්ෂණයක්.
ආශාවරී සිනමාපටයෙන් පසුව ඔහුගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය මෙය වන නමුත්, පසුගිය වසරේදී හදිසි රෝගී තත්වයක් මත අවාසනාවන්ත අයුරින් ඔහු ජීවිතයෙන් සමුගත්තා.
මෑතකාලීන සිනමාවේ පළමු සංගීතමය චිත්‍රපටය ලෙසින් හැඳින්වෙන මෙය රුවන් කොස්තාගේ කැමරාකරණයක්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ තුසිත විජයසේන විසිනුයි.
ලාංකීය සිනමාවේ නවමු අත්දැකීමක් සමඟින්...
Rhythm of the Guitar - ළඟදීම දිවයින පුරා සිනමාහල් හරහා ඔබ වෙත එනු ඇති.