lan englan tam

පුවත්

සජිත ඇන්තනී හා ශලිනි තාරකා රඟපාන අලුත්ම චිත්‍රපටයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට තරුණ පරපුරේ ජනප්‍රිය නලුනිලි දෙපළක් වන සජිත අනුත්තර ඇන්තනි සහ ශලනි තාරකා විසින් ප්‍රධාන චරිත රඟපාන අලුත්ම චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කෙරුණා.


ඒ, 'අන්ලොක්' (Unlock) සිංහල චිත්‍රපටයයි.සිංහල සිනමාවට නැවුම්, වෙනස්ම කතා තේමාවක් ඔස්සේ දිගහැරෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිස් ඇන්තනි විසිනුයි. පසුගිය දිනවල තිරගත වූ ‘පාස්පෝට්’ හා ‘අපේ ප්‍රින්සිපල්’ යන චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වූයේ ද ඔහුයි.


සජිත අනුත්තර සහ ශලනි තාරකා සමඟින් කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍යාම් ප්‍රනාන්දු, නිරෝශන් විජේසිංහ ඇතුලු තවත් ජනකාන්ත නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.අන්ලොක් (Unlock) සිංහල චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු දැන් පටන් ගෙන තිබෙන අතර නුදුරේදීම රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

Back to top
Go to bottom