දීර්ඝ කාලයක් පුරා ප්‍රදර්ශනය කර ගත නොහැකිව පෙළගැසී ඇති දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කොට මෙම ගැටලුවට විසදුමක් ලබා දීමට ජාතික චිත්‍රපට සංස්ථාව වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව වාර්තා වෙනවා.
ඒ ජාතික චිත්‍රපට සංස්ථාව ‘Flickoo’ ආයතනය සමග එක්ව ගෝලීය ඩිජිටල් අවකාශයට මෙරට චිත්‍රපට මුදාහැරිමට වැඩපිළිවලක් සකස් කිරීම හරහායි.
‘Flickoo’ යනු ශ්‍රි ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යාම සදහා නිර්මාණය කරන ලද විශේෂිත ඩිජිටල් වේදිකාවකි.
ලොව පුරා විසිරී සිටින ශ්‍රි ලාංකේය සිනමා රසික ප්‍රජාවට මේ හරහා චිත්‍රපට නැඹීමේ පහසුකම හිමිවනු ඇත.
ශ්‍රි ලාංකේය සිනමාවට ඩිජිටල්කරණය සහ online streaming , චිත්‍රපට කර්මාන්තයේ නව ආදායම් උත්පාදනය , දේශීය චිත්‍රපට ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය , අංකුර සිනමා කරුවන් උදෙසා ඩිජිටල් වේදිකාව පුළුල් කිරීම, ගෝලීය අවකාශයේ දේශිය චිත්‍රපට ලේඛනගත කිරිම සහ සංස්කෘතිය සුරැකිම
වැනි පරමාර්ථ සැලකිය යුතු ප්‍රමාණයක් පිළිබඳ ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ ‘flickoo’ ආයතනයේ අවධානය යොමුව ඇති බවයි සදහන් වන්නේ.
ඒ පිළිබඳ සාකච්ඡා වට කිපයක් ජාතික චිත්‍රපට සංස්ථවේදි පැවත්වා ඇති අතර ඉතා සාර්ථක විසදුම් සහිතව චිත්‍රපට පෝලිම නිමාකර දේශිය චිත්‍රපට රසිකයින්ගේ රසවින්දනය පුළුල් කිරිම මෙහි අරමුණ වී තිබෙනවා.
මූලාශ්‍රය - ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල Facebook පිටුව ඇසුරිනි.