ලාංකීය සංගීත ශිල්පී පේෂල මනෝජ් හට ඊයේ (04) සිය සංගීත ගමනේ සුවිශේෂි දිනයක් වූවා.
ඒ ඔහුගේ නවතම සංගීත නිර්මාණය වන “තාල නන්දශ්‍රී” ජනගත කිරීමේ අවස්ථාව යෙදී තිබූ බැවිනියි.
මෙය අවස්ථාව වඩාත් විශේෂ වූයේ ඔහුගේ මෙම නිර්මාණය මේ දින වල ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හට පිළිගැන්වීමට අවස්ථාව සැලසීම නිසායි.
පේෂල මනෝජ් ඔහුගේ මෙම නිර්මාණය සිය ගුරුවරයෙකු වූ දිවංගත සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස නිර්මාණය කර තිබීම ද විශේෂත්වකි.
පහතින් දැක්වෙන්නේ මෙම අවස්ථාව පිළිබඳව පේෂල මනෝජ් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබූ සටහනකි.
(උපුටා ගැනීම)
‘තාල නන්ද ශ්‍රී’ සහ සංගීත ගමනෙහි විශිෂ්ට අවස්ථාවක්
“මගේ රිද්මයානුකූල ගමනේ දී මට විවිධ විශිෂ්ට අවස්ථා ලැබුණි. එහෙත්, අද දිනය ඉතාම අරුත්පූර්ණ, පූජනීය සහ අභිමානවත් අවස්ථාවක් බවට පත්විය. ඒ සඳහා හේතුව වන්නේ, මෙදින මගේ නවතම නිර්මාණය වන “තාල නන්දශ්‍රී” (8½ මාත්‍රා චක්‍රය) ජනතාවට හඳුන්වාදීමයි.
මෙය මගේ දිවංගත ගුරු, සංගීත් නිපුන් පී.වී. නන්දසිරි මහතාට උපහාරයක් ලෙස කරන ලද නිර්මාණයකි.
මගේ නිර්මාණයට අගයක් එක්කරමින්, එය සංගීත කලා ක්ෂේත්රයට හඳුන්වාදීමටත්, පටිගත කිරීමටත්, බෙදා හැරීමටත් සහාය වූ ඉන්දියානු මහ කොමසාරිස්තුමන්ට, ඔහුගේ කාර්ය මණ්ඩලයට, එමෙන්ම ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂතුමන්ට සහ කාර්ය මණ්ඩලයටත් මාගේ හද පිරි ස්තුතිය පළකරමි.
මගේ නිර්මාණය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට ඉදිරිපත් කරන විට, ඔහු ඒ සම්බන්ධයෙන් සත්‍යයෙන්ම සාවධානීව හිඳීම පුදුම සහගත ය. ජීවිතය පිළිබඳව මට උතුම් උපදෙස් ද ලබාදෙමින් මට ආශිර්වාද කිරීමට ද එතුමා නොපැකිලි විය.
මට අධ්‍යාපනය ලබාදුන්, මට නව පරිණාමයකට ලක් වීමට හේතු වූ, ලඛ්නඌ ඝරානාවේ ඛලීෆා, උස්තාද් ඉල්මාස් හුසේන් ඛාන් මාගේ ගුරුතුමාට ගෞරවය හා ස්තුතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
අවසන් වශයෙන්, මෙම සියලු ක්‍රියාවලියේදී මා සමඟ දිවා-රාත්‍රි මහන්සිවී පුහුණුවීම් සහ පටිගත කිරීම් සිදු කළ මාගේ ශිෂ්‍යයන්ටද මාගේ ආභාරය පළකරමි.
සංගීත ක්ෂේත්රය තුළ නව ආයාමයක් නිර්මාණය කිරීම සඳහා, අනාගතයේ වැඩි වශයෙන් දායක විය හැකි යැයි බලාපොරොත්තු වෙමි.
ස්තුතියි! ’’