ශ්‍රී ලංකාවේ 70-90 දශකයේ සිදු වූ සැබෑ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කර ඇති 'Father' චමින්ද ජයසූරියගේ පළමු සිනමා නිර්මාණය වෙනවා.
නළු නිළියන් "104 දෙනෙකු පමණ" රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය මෙම වසරේ මැයි-ජූනි කාලය තුළ තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා.
වර්තමානය දක්වා ද යම් කොටස් විහිදෙන 'Father' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඩෙස්මන්ඩ් ගුණවර්ධන ලෙස සෞම්‍ය ලියනගේ සිය රංග කාර්යයේ නියැලෙයි.
ඩෙස්මන්ඩ් ගුණවර්ධනගේ තරුණ විය නිරූපණය කරනු ලබන්නේ පූජන දන්දෙණිය විසිනි.
ඔහුගේ බිරිඳ ලෙස දිල්හානි අශෝකමාලා රංගනයෙන් දායක වන අතර ඇයගේ තරුණ විය අනුෂ්කි ප්‍රේමරත්න විසින් නිරූපණය කරනු ලබයි.
ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, ජනක රණසිංහ, සේවියර් කණිෂ්ක, සනත් විමලසිරි, මනෝජා ප්‍රනාන්දු, ෂ්‍යාම් ප්‍රනාන්දු, අංජන ප්‍රේමරත්න, සරත් කොතලාවල, ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද, සිසිර තඩිකාර සහ අකලංක ප්‍රභාශ්වර යනු මෙහි ඔබට හමුවන සෙසු රංගන ශිල්පීහු වෙති.
'Father' චිත්‍රපටයේ දර්ශනයක්
Crime / Drama කියන ශානරයට අයත් 'Father' චිත්‍රපටය Gangster චිත්‍රපටයක් ලෙස චමින්ද ජයසූරිය හඳුන්වයි.
'Father' චිත්‍රපටය පිළිබඳව බීබීසී සිංහල සමග සංවාදයට එක්වෙමින් ඔහු මෙලෙස පැවසීය:
"ගම්පහ ඉන්නවා ඔස්මන් කියලා චරිතයක්. ඒ ඔස්මන්ගේ කතාව තමයි මේකේ පාදක කතාව වෙන්නේ. Father කියන්නේ, මේ චරිතය සමාජයට අහිතකර ගොඩක් දේවල් අයින් කරලා දෙනවා තමන්ගේ දරුවෝ සහ සමාජයේ දරුවෝ වෙනුවෙන්.
මේ චරිතය, මුල් කාලයේ ෆාදර් කෙනෙක් වෙන්න, අර පල්ලියේ ඉන්නේ ඕල්ටර් බෝයි කියන්නේ... ඉතා ම ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ වෙලා හිටපු චරිතයක්, අහඹු ලෙස යම් සිද්ධියක් පදනම් කරගෙන, අර සමාජය කියන අපරාධකාරයෙක් හැටියට හංවඩු ගැහෙනවා. සාමාන්‍යයෙන් අපි පාතාල නායකයෙක් හඳුන්වනවනේ 'ගෝඩ් ෆාදර් කියලා', අන්න ඒ 'ගෝඩ් ෆාදර්' කඩලා ඇවිල්ලා 'ෆාදර්' කියන එකෙනුත් මේක අර්ථ ගන්වන්න පුළුවන්."
Father චිත්‍රපටයේ දමිළ අනුවාදයක් ඉදිරියේදී නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ද චමින්ද ජයසූරිය වැඩිදුරටත් සදහන් කළා.
කර්තෘ - තාරක සම්මාන්
(BBC News සිංහල ඇසුරිනි)