ප්රවිණ චිත්රපට අධ්යක්ෂ ධර්මසේන පතිරාජයන්ගේ සිනමා දිවියට වසර 50 ක් පිරිම නිමිති කොට ගෙන උපහාර උළෙලක් පැවැත්වීමට කටයුතු කර තිබේ.
“පතීට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය නමින් පැවැත්වීමට නියමිත උළෙල ජුනි 26 වනදා සවස හතට ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී ආරම්භ වනු ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව , ශ්රී ලංකා රුපවාහිනී සංස්ථාව, ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ජාතික චිත්රපට සංස්ථාව මෙම උපහාර උළෙල සංවිධානය කරනු ලබයි.