මෑතකදී තිරගත වීම ආරම්භ කළ තිසර ඉඹුලානගේ නිනෝ ලයිව් සහ ප්‍රසන්න ජයකොඩිගේ 28 පිලිබඳ විචාරාත්මක සිනමා සංවාදයක් ජූලි 3 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
සඳුදා උදැසන 10 ට කොළඹ මහජන පුස්තකාලයේදී මෙය පැවැත්වීමට නියමිතය.
කේ.කේ. සමන් කුමාර, චින්තන ධර්මදාස , විදර්ශන කන්නන්ගර , බුපති නලින් වික්‍රමගේ සහ කෞශල්‍ය කුමාරසිංහ එදිනට සහභාගී වනු ඇත.
මෙම සංවාදය අහස පොත් වැස්සට සමගාමිව පැවැත්වීමට සුදානම් කර තිබේ.