සත්හඬ සම කර්තෘ ප්‍රභාත් වීරරත්න මහතා ඊයේ රාත්‍රියේ ඇතිවූ හදිසි හෘර්දයා බාධයකින් අභාවප්‍රාප්තවී තිබේ.
ආදි ආනන්දීයෙක් වන ඒ මහතා, කථානායක කරූ ජයසූරිය මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද රන්දිව පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා, මවුබිම පුවත්පතේ ප්රවෘත්ති කර්තෘවරයා මෙන්ම යුක්තිය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කළ අයෙකි.
ඒ මහතා ගේ දේහය නොම්බර 276/7, ජයන්ති මාවත, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත්කිරීමට නියමිතව ඇත.