18 වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය මෙවර කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත.
මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 15, 16 හා 17 දිනවල කොළඹ 7,ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වීමට ද, එහි සමාරම්භක උත්සවය සැප්තැම්බර් මස 15 දින පෙරවරු 10.00 ට ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලිනී මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා සහ කලාකීර්ති එඩ්වින් සහභාගිත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඡායාරූප ප්‍රදර්ශනය මෙම වසරේ දී ජාත්‍යන්තර තලයේ ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය සංගමය විසින් සංවිධානය කරනු ලබන 18 වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය වේ.
ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ නිර්ණායකයන්ට අනුව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය සඳහා ලෝකය පුරා විසිරී සිටින ඡායාරූප ශිල්පීන් සැළකිය යුතු පිරිසක් සිය නිර්මාණ ඉදිරිපත් කරමින් ඊට දායක වී ඇත.
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය 1950 වර්ෂයේ දී ආරම්භ කරන ලද දේශීය ස්වේච්ඡා සංවිධානයකි. ශ්‍රී ලංකාව තුල ඡායාරූප ශිල්පය අධ්‍යාපනික විෂයයක්, කලාත්මක මාධ්‍යයක් සහ වෘත්තියක් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කොටගෙන පිහිටුවන ලද මෙම සංවිධානය දේශයේ දූ දරුවන් වෙත ඡායාරූප ශිල්ප දැනුම ඛෙදා දීම උදෙසා 1961 වර්ෂයේ සිට මේ දක්වා අඛණ්ඩව විධිමත් අධ්‍යාපනික පාඨමාලාවන් නොමිලයේ පවත්වාගෙන යන අතර ප්‍රායෝගික වැඩමුළු, සම්මන්ත්රන, චාරිකා, ඡායාරූප ප්‍රදර්ශන ආදිය ද එම වැඩ සටහන යටතේ පැවැත් වේ.රජයේ අනුමත පුන්‍යායතනයක් සහ සංස්ථාපිත ආයතනයක් වන සංගමය ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ ශ්‍රී ලාංකීය නිල නියෝජිත වශයෙන් ද කටයුතු කරයි.
https://casite-737679.cloudaccess.net/news/1834-photography-exhibitions-sri-lanka#sigProId9a266f3da2