ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු, සහාය අධ්යක්ෂවරයකු, නිෂ්පාදන සම්බන්ධීකාරක ශිල්පියකු ලෙසින් කටයුතු කළ රන්ජන් ප්‍රසන්නගේ පළමු සිනමා නිර්මාණය “විසංගමනය” චිත්රපටයෙහි මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
මුදල් පසුපස හඹා යෑම නිසා තමාට තමා අහිමි වීම යන තේමාව මූලික කර ගනිමින් චිත්‍රපටය ලියවී ඇත.
“විසංගමනය” නිෂ්පාදනය කරනු ලබන්නේ සිනෙම් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් මහේෂ් විජේරත්න විසිනි.
තිර රචනය උපාලි ගම්ලත් අතිනි.
ඩග්ලස් රණසිංහ, සේමිණි ඉද්දමල්ගොඩ, හයිසින්ත් විජේරත්න, අශාන් ඩයස්, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගන දායකත්වය සපයති.
කැමරා අධ්‍යක්ෂණය තිසූල දීප තඹවිට, සහාය අධ්‍යක්ෂණය තරංග නිරිඇල්ල, නිෂ්පාදන සම්බන්ධීකරණය තිස්ස ලියනාරච්චි අංග රචනා ප්‍රියංක තිලක් රත්නායක, කලා අධ්‍යක්ෂණය චන්දන ප්‍රියංකර විසිනි.
විසංගමනය රූපගත කිරීම් ආරම්භ කරන්නේ එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ය.
https://casite-737679.cloudaccess.net/news/1930-wisangamanaya#sigProIda9b409bce0
ඡායාරූපය - විමල් කරුණාතිලක