සුනිල් ආරියරත්නයන්ගේ සිනමා කාව්‍යයක් වන “බිම්බා දේවි හෙවත් යශෝධරා” හි මංගල දැක්ම ඊයේ දින(26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් සැවෝයි ප්‍රිමියර් සිනමාශාලාවේ දී පැවැත්වුණි.
සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන පල්ලවී සුභාෂ් ඇතුළු කලාකරුවන්, සම්භාව්‍ය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එම උත්සව අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
විශ්වයේ පහල වූ වනිතා ශ්‍රේෂ්ඨාව පිලිබඳ පූජනීය සිනමා වෘතාන්තය " බිම්බා දේවී හෙවත් යශෝදරා " EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාශාලා වලදී ප්‍රදර්ශනය කෙරේ.
සරසවි සිනෙරු වෙනුවෙන් එච්.ඩි. ප්‍රේමසිරි නිෂ්පාදනය කරන මෙම සිනමාපටයේ සම නිෂ්පාදනය කුමුදුනි ඩයස් හපුතන්ත්‍රී සහ චාන්දනී හපුතන්ත්‍රී විසිනි.
පල්ලවී සුභාෂ්, ඒ. චෞද්රි යන භාරතීය රංගන ශිල්පින් යුවල සමඟ දිනෙත් ද සිල්වා, කමල් දේශප්‍රිය, අජිත් වීරසිංහ, සංගීතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාළ, තුමිඳු දොඩන්තැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුචි ලක්මාලි සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වී තිබේ.
සිනමාපටයේ ගේය කාව්‍ය රචනය, සංවාද රචනය, තිර රචනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංස්කරණය රුක්මල් නිරෝෂ්ගෙනි. විමල් දේශප්‍රිය සහය අධ්යක්ෂවරයා ය.
සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි. ගායනය ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය ලියනාරච්චි, ඉනෝකා අහංගම සමග විශාරද නන්දා මාලනී ගෙනි. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ ගෙනි. නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තය. නිෂ්පාදන කළමනාකරණය මනෝහාරී හේවාවසම් විසිනි. ප්‍රියන්ත දිසානායක වේශ නිරුපනය කළ මේ චිත්‍රපටයේ වස්ත්රාභරණ නිර්මාණය තිලිණ හෙට්ටිගමගේ විසිනි.
https://casite-737679.cloudaccess.net/news/3084-yashodhara-premier#sigProId213a17171f