දරුවන් හදා වඩා ඇති දැඩිකර ඔවුන් තුරුණු වියට එළඹුනාට පසුව හිතුවක්කාර තීරණ මත විවාහ වී,
පසුව දේපොල වස්තු තන්හාවෙන් උමතුව දෙමව්පියන් නොසලකා හැරීමත් ඔවුන් අනාතයන්සේ මහළු මඩම්තුල සිරවීමත් හා මුදලට ලොල්ව පාපතර ක්‍රියාවන්හි නිරතවූ එම දරුවන්ට අත්වන ඉරණමත් වර්තමාණ පවුල් සංස්ථාව තුළ සිදුවන නොයෙකුත් අඩ දබරයන් පිළිබඳවත් කතා කරන ‘‘වැලි පවුරු’’ සිනමා පටයේ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය සුනිල් පේ්රමරත්නගෙනි.
රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, ගයාත්‍රි ඩයස්, සූර්යා දයාරුවන්, තාරුකා වන්නිආරච්චි, ධනංජි තාරුකා, බුවනිචාපා දියලගොඩ, නෙතලි නානායක්කාර, රයන් වැන්රෝයන්, කුමාර වඳුරැස්ස ඇතුළු පිරිසක් දායකවන අතර, අංග රචනයෙන් තරංග රුක්මල්වල, කලා අධ්‍යක්ෂණයෙන් සුසන්ත ඩයස් අබේරත්න සමඟින් ඇලෙක්ස් ප්‍රනාන්දු, සහය අධ්‍යක්ෂණයෙන් සුනෙත් රසාංග, සංස්කරණයෙන් අනුර බණ්ඩාර, කැමරා අධ්‍යක්ෂණයෙන් සජිත් වීරප්පෙරුම, (ෂැගී) සංගීත අධ්‍යක්ෂණයෙන් දර්ශන වික්‍රමතුංග, ගීත රචනයෙන් බණ්ඩාර ඇහැලියගොඩ රවී සිරිවර්ධන සමගින් ශමිලා හුසේන්ද, ගායනයෙන් සුනිල් ඉදිරිසිංහ, ශශිකා නිසංසලා සහ හර්ෂණ දිසානායකද සම්බන්ධවන මෙම චිත්‍රපටය ඉයෝන් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන අතර නිෂ්පාදන දායකත්වය ධම්මික අතපත්තුගෙනි.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
https://casite-737679.cloudaccess.net/news/3089-wali-pawuru#sigProId78d8f07d18