රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයට රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වියදම් වී ඇති බවට නොයෙකුත් වාර්තා පළ වී තිබුණා.
විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ උණුසුම් මත ගැටුම් රැසක් ඇතිවුණ බව පසුගිය දින කිහිපය තුලදී අපිට දකින්නට ලැබුණා.
යම් පිරිසක් එය විවේචනය කළ අතර තවත් පිරිසක් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් නොයෙකුත් අදහස් එහිදී පළ කළා.
කොහොම නමුත් මේ විවේචන සම්බන්ධයෙන් BBC සිංහල සේවය වෙත අදහස් පළ කළ චන්දිමාල් කියාතිබුණේ මෙහෙම දෙයක්.
“ඕනෑම කෙනෙක්ට ජිවිතයේ සතුටු වෙන්න දවසක් තියෙන්න ඕනි. ඒක අයිතියක්. මගේ කාර්ය බහුලත්වයත් එක්ක මට ගොඩක් දේවල් මග හැරෙනවා. එහෙම මහන්සි වෙලා හොයපු සල්ලි වලින් තමයි මේ සාදය පැවැත්වුවේ. මම ඒ දේ කළේ ජනප්‍රිය වෙන්න බලාගෙන නෙවෙයි. පවුලේ අය, මගේ යාලුවෝ, ක්ෂේත්රයේ පිරිසත් එක්ක අහිංසක සතුටක් ලබන්නයි මේ දේ කළේ. සමාජ මාධ්‍ය ජාල වල පළ වෙන දේවල් දැක්කම ගොඩක් දුක හිතෙනවා. මා නොදන්නා අය පවා මට එහෙම බනින්නේ මඩ ගහන්නේ ඇයි කියලා හිතෙනවා. මට සතුටුයි මගේ අම්මා ෆේස්බුක් බලන්නේ නැති එක ගැන.”
https://casite-737679.cloudaccess.net/news/3298-chandimal-birthday-party-18#sigProId908ab49621