23 වැනි වරටත් සංවිධාන කළ සුමති ටෙලි සම්මාන උළෙළ අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි.
පසුගිය වසරේ දී පුංචි තිරය ඔස්සේ සුවිශේෂී දක්ෂතා දැක්වූ කලාකරුවන්, කලාකරිනියන්, නිර්මාණ ශිල්පින් ඇතුළු විශාල පිරිසක් මෙවරද සුමති සම්මානයෙන් පිදුම් ලැබූහ.
එහිදී සම්මාන බෙදී ගිය අයුරු මෙසේ වේ,
හොඳම ටෙලි නාට්‍යය - සී රජ
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය - සසර සෙවනැලි නාට්‍ය මාලාවේ මාතු පාදං පීතු පාදං නමාමි
හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය - සී රජ ටෙලි නාට්‍ය වෙනුවෙන් ජැක්සන් ඇන්තනී
හොඳම ටෙලිනාට්‍ය නළුවා - සී රජ ටෙලිනාට්‍යයේ “වරනාග”ගේ චරිතය රඟපෑ ශ්‍යාම් ප්‍රනාන්දු
හොඳම ටෙලිනාට්‍ය නිළිය - බැද්දේ කුළවමිය ටෙලිනාට්‍යයේ “චංචලා”ගේ චරිතය රඟපෑ නදී කම්මැල්ලවීර
හොඳම ටෙලිනාට්‍ය සහය නළුවා - එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයේ “උපගුප්ත”ගේ චරිතය රඟපෑ ජගත් චමිල
හොඳම ටෙලිනාට්‍ය සහය නිළිය - එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයේ “සුලෝචනා”ගේ චරිතය රඟපෑ නිරෝෂා තලගල
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා - සී රජ ටෙලිනාට්‍යයේ “දාට”ගේ චරිතය රඟපෑ දිනෙත් ද සිල්වා
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය - එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයේ “තාරුකා”ගේ චරිතය රඟපෑ වොල්ගා කල්පනී
හොඳම ටෙලි නාට්‍ය ගායනය - ඉන්දිකා උපමාලි
හොඳම ළමා තාරකාව - යොහානි හංසිකා
ප්‍රේක්ෂකයන්ගේ වැඩිම මනාපය අනුව,
ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා - රවීන් කණිෂ්ක
ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය - ශලනි තාරකා
ජනප්‍රියම ටෙලි නාට්‍යය - 'අපේ ආදරේ'
https://casite-737679.cloudaccess.net/news/3877-sumathi-tele-awards-18-a#sigProId2f171c5efd
ඡායාරූප: සුමති සම්මාන ෆේස්බුක් පිටුවෙන්