හැමෝම පුදුම වෙනවා කොහොමද අම්බානි නිවසට ඇතුළු වුණේ කියලා - චන්දන වික්‍රමසිංහ
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාගේ දියණිය ඉෂා අම්බානි සහ ආනන්ද පිර්මාල්ගේ විවාහ උත්සවය පසුගියදා එරට උදායිපුර් හිදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
ඒ සඳහා ලෝක ප්‍රකට කලාකරුවන් විශාල පිරිසක් ද එක්ව සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ විවාහ උත්සව සැමරුම් මාලාව සඳහා නර්තන අධ්‍යක්ෂණයෙන් සහභාගී වීමට මෙරට ප්‍රවීන නර්තන අධ්යක්ෂවරයෙක් සහ නර්තන ශිල්පියකු වන චන්දන වික්‍රමසිංහටත් අවස්ථාවක් උදා වෙලා තිබුණා.
ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඔහු දක්වා තිබුණේ මෙවන් අදහසක්,
“ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා මුකේෂ් අම්බානිගේ දියණිය ඉෂා අම්බානිගේ විවාහ මංගල උත්සවයේ ඊයේ (13) රාත්‍රියේ නර්තන අධ්‍යක්ෂණය කිරීමට ලැබීම ගැන, මේ ලැබුණු අවස්ථාව ගැන ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම සියලුම මාධ්‍ය ආයතනවලට මම ස්තුතිවන්තවනවා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ගැන. මට විශාල ප්‍රතිචාර මේ වනවිටත් ලැබෙමින් පවතිනවා. ඔවුන්ට අවශ්‍ය කරලා තිබුණේ වෙනස් නර්තනයක් මම හිතනවා ලංකාවේ දක්ෂ නර්තන ශිල්පින්, ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් සිටින විට ඒ නිසා වෙන්න ඇති මා තෝරා ගත්තේ. හිමින් යන ගමනක ප්‍රතිපලයක් විය හැකියි මේ අවස්ථාව. ඉන්දියාවේ මගේ ගුරුවරු පවා පුදුම වෙනවා ඔබ කොහොමද අම්බානි නිවසට ඇතුළු වුණේ මේ වගේ වැඩක් කරන්න කියලා. ඉතින් මේ නර්තනයට සහයෝගය දුන් සෑම සියලු දෙනාටම බොහොම ස්තුතිවනවා.”
https://casite-737679.cloudaccess.net/news/4459-chandana-at-ambani-wedding#sigProIdb82447a9ec