අයිරාංගනී සේරසිංහ ප්‍රවීන රංගනවේදිනියට 92ක්.......
අයිරාංගනී සේරසිංහ ප්‍රවීන රංගනවේදිනියගේ 92 වැනි උපන්දිනය ඊයේ (09) දිනට යෙදී තිබුණා.
කලාශිල්පින් කිහිපදෙනකු ඇගේ උපන්දිනය සැමරීමට මෙලෙසින් එක්ව සිටියා,
https://casite-737679.cloudaccess.net/news/5336-serasinha-190610#sigProId70e9a97b53
අයිරාංගනී සේරසිංහ වෙනුවෙන් ගායන ශිල්පී දයාන් විතාරණ සිය මුහුණු පොතෙහි තබා තිබුණු සටහනක් පහතින්,
“රංගනයෙන් අගතැන්පත් සලරූ උත්තමාවියට 92ක්.......
දේශීය සිනමාවේ අතිදක්ෂ අද්විතීය සම්මානිත රංගධාරිණී අයිරාංගනී සේරසිංහ රංග මාතාව අද දින සිය 92 වැනි උපන්දිනය සමරන්නීය. මුලින් ම ඉංග්‍රීසි නාට්‍ය වල රඟපාමින් විවිධ සංකීර්ණ භූමිකා නිරුපණය කිරීමේ අවස්ථාව ඇයට ලැබුණේ "ඇන්ටගනී", "ට්වින්ස්", "ගෝස්ට් ", "ද ත්‍රී සිස්ටර්ස්" වැනි වේදිකා නාට්‍ය තුළිනි. එතුමිය චිත්‍රපටවලට සම්බන්ධ වන්නේ 1956 වසරේ තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "රේඛාව" චිත්‍රපටයේ කරළිනා හාමිගේ භුමිකාවෙනි. ඉන් අනතුරුව "දෙලොවක් අතර", "ඔබ දුටු දා", "බක් මහ දීගේ", "ද ගෝඩ් කිං", "සාගරයක් මැද", "දෙවෙනි ගමන", "පවන රළු විය", "හිම කතර", "අවරගිර", "ලොකු දුව" වැනි විශිෂ්ට නිර්මාණවල රංගනයේ යෙදුනු ඇය ජනාධිපති, සිග්නීස්, සුමති, සරසවිය ආදී සම්මාන රැසකට හිමිකම් කියන්නීය. මෑතභාගයේ ද "අබා", "කල්පාන්තයේ සිහිනයක්", "මචං", "සිකුරු හතේ" වැනි සිනමාපට ගණනක ද මතකයේ රැඳෙන චරිත රංගනය කළාය. "යශෝරාවය", "දු දරුවෝ" වැනි අතිශය ජනකාන්ත ටෙලිනාට්යයන්ගේ සිට මෑතභාගයේ "අමන්දා", "සල්සපුනා" වැනි ටෙලිනාට්‍ය දක්වා බොහෝ ටෙලිනාට්‍ය ගණනක රංගනය කරමින් රූපවාහිනිය තුළ ද තම ආධිපත්‍යය විහිදාලීය. පසුගිය දිනක ඇය ළබැඳි මිත්තණියකගේ චරිතයක් රංගනයේ යෙදෙන අභිනව චිත්‍රපටයක් ලෙසින් "සුළඟ අප රැඟෙන යාවි" තිරගත වූ අතර ඒ සමගින් ඇය මේ දිනවල නොමද රසිකාදරයට පාත්‍ර වෙමින් සිටින්නීය. රසික සිත් දිනා ගත් ඇය අදට ද සක්‍රීය ව රංගනයේ යෙදෙන්නීය. පසුගිය දා ඇය විසින් අදහස් ප්‍රකාශ කරන වීඩියෝවක් මුහුණුපොත ට මුදාහැර තිබුණු අතර එහි ඇය පවසාසිටියේ වසර 45කට අධික කාලයක සිට ඇය නිර්මාංශව ජීවිතය ගත කරන අතර ඇගේ එක දතක් හෝ ගළවා නොමැති බවත් ඈ ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කල්යැවීමට ඇය නිර්මාංශ වීම හේතු වූ බවත් ය. ඇගේ එම ප්‍රකාශය අසා බොහෝ දෙනා නිර්මාංශ වීමට උත්සාහ දරන බව දැන ගන්නට ලැබුණු අතර ඇගේ ඒ සත්ක්‍රියාව මම ඉතා ඉහළින් අගය කරමි. මුළු මහත් ශ්‍රී ලංකාවේ ම එකලෙස ආදරය දිනා ගත් මිත්තණියක වන ඇයට තෙරුවන් සරණින් නිරෝගීමත්ව ශතකය ඉක්මවමින් ජීවන සිනමාවේ නිරත වන්නට භාග්‍යය උදා වේවා යන්න ඇය වෙනුවෙන් මගේ ඒකායන පැතුමයි. ඔබට චිරං ජයතු ,ආයුබොහෝ වේවා !”