හිරාන් අබේසේකර හොඳම රංගනය උදෙසා ලන්ඩනයේ දී සම්මාන දිනයි
වේදිකා නාට්‍ය කලාවේ කලාපීය විශිෂ්ටයින් ඇගයෙන “එක්සත් රාජධානි නාට්‍ය සම්මාන උලෙළ 2019” දී හොඳම වේදිකා රංගනය වෙනුවෙන් පිදෙන සම්මානය තමන් සතු කර ගැනීමට රංගන ශිල්පී හිරාන් අබේසේකර සමත් වී තිබේ.
ඊයේ (27) දින ලන්ඩන් නුවර ගිල්ඩ්හෝල් හිදී පැවැත්වුණු සම්මාන උලෙළේ දී ඔහුට මෙම ඇගයීම හිමිවුයේ Life of Pi වේදිකා නිර්මාණයේ දැක්වූ රංගන කුසලතාවය වෙනුවෙනි.
හිරාන් අබේසේකර එංගලන්තයේ රාජකීය නාට්‍ය කලා ඇකඩමියේ උපාධිලාභීයෙකි. ඔහු 2015 රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ දී හොඳම රංග වින්‍යාසය උදෙසා සම්මාන දිනා ගත්තේ ය. ඒ “මෙය තුවක්කුවක් නොවේ” වේදිකා නිර්මාණය වෙනුවෙනි.
UK Theater Awards 2019
එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය යන රටවල්වල වේදිකා නාට්‍ය ශිල්පින් ඇගයෙන “එක්සත් රාජධානි නාට්‍ය සම්මාන උලෙළ” 1991 සිට වාර්ෂිකව සංවිධානය කෙරේ.
මෙවර සම්මාන උලෙළේ දී හොඳම නව නාට්‍ය ඇතුළු සම්මාන හතරක් දිනාගත්තේ හිරාන් අබේසේකර රඟපෑ Life of Pi වේදිකා නිර්මාණය යි. එය යැන් මාටෙල්ගේ නවකතාවක් ඇසුරින් කරන ලද්දකි.
https://casite-737679.cloudaccess.net/news/5957-hiran-1191028#sigProId040d73cd59
Life of Pi පුහුණුවීම් අතරතුර
https://casite-737679.cloudaccess.net/news/5957-hiran-1191028#sigProIdcd2674c7da