ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන උලෙළේ විශේෂ අවස්ථා
26 වැනි වාර්ෂික ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන උලෙළ පසුගියදා (SAG) ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.
SAG උලෙළේ ප්රමුඛතම සම්මානය වන හොඳම රංගනය උදෙසා සම්මානය දිනාගත්තේ “Parasite” සිනමාපටයේ නළු, නිළි කැල යි.
“Joker” සිනමාපටයේ රඟපෑ වකීන් ෆීනික්ස් හොඳම රංගන ශිල්පියා සහ “Judy” සිනමාපටයේ රඟපෑ රෙනේ සෙල්වෙජර් හොඳම රංගන ශිල්පිනිය ලෙසත් සම්මාන දිනා ගත් හ. හොඳම සහාය රංගන ශිල්පියා වූයේ “Once Upon a Time in Hollywood” හි රංගනයෙන් එක්වූ බ්රැඩ් පීට් ය.”Marriage Story’s වෙනුවෙන් ලෝරා ඩර්න් හොඳම සහාය රංගන ශිල්පිනිය සම්මානය දිනා ගත්තා ය.
රූපවාහිනී ටෙලි මාලා අංශයෙන් හොඳම රංගන ශිල්පියා ලෙස “Game of Thrones” ටෙලියේ රඟපෑ පීටර් ඩින්ක්ලේජ් සහ හොඳම රංගන ශිල්පිනිය ලෙස “The Morning Show” හි රඟපෑ ජෙනිෆර් ඇනිස්ටන් සම්මානයට පාත්ර විය. ඒ අංශයේ හොඳම රංගනය උදෙසා ඇගයුම් ලැබුවේ “The Crown” ටෙලියේ නළු, නිළි කැල යි.
ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන උලෙළේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,
ඡායා : Reuters
https://casite-737679.cloudaccess.net/news/6272-sag-award-200121#sigProIdc41535a66b