ටෙලිවිෂන් වෘත්තිකයින්ගේ ජාතික සංගමයේ විධායක සභාවේ නිළධාරීන් පිරිසක් විසින් අද දින 2020 ජූලි 22 තොරතුරු මා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී එහි ලේකම් චූලානන්ද පෙරේරා මහතා වෙත ආනයනික ටෙලිනිර්මාණ වෙනුවෙන් අයකරන බදු මුදල් සංචිතයේ තොරතුරු ඉල්ලා ලියවිල්ලක් භාර දෙන ලදී. ලේකම්වරයා විසින් ලියවිල්ල භාරගත් අතර, එහි අඩංගු විස්තර වලට අදාල තොරතුරු හැකි ඉක්මණින් ලබා දෙන බව ප්‍රකාශ කළේය.
තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වෙත බාරදෙන ලද ලිපිය
චූලානන්ද පෙරේරා මහතා
ලේකම්
තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය,
ඇසිදිසි මැදුර,
කිරුළපොන මාවත,
පොල්හේන්ගොඩ,
කොළඹ 05.
මහත්මයාණෙනි,
ආනයනය කරන විදේශීය ප්‍රාසාංගික රූපවාහිනී නිර්මාණ සඳහා රජය විසින් අයකරනු ලබන බදු මුදල් පිළිබඳ තොරතුරු දැන ගැනීම පිණිසයි
විදේශයෙන් ආනයනය කරනු ලබන රූපවාහිනී ප්‍රාසාංගික නිර්මාණ සඳහා අයකරනු ලබන බදු මුදල් සම්බන්ධව පහත සඳහන් තොරතුරු අප වෙත ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
01. ආනයනික රූපවාහිනී නිර්මාණ සඳහා බදු අයකිරීම ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා අයකරනු ලැබූ බදු මුදල් ප්‍රමාණයේ සම්පූර්ණ මූල්‍ය අගය.
02. එම මුදල තැන්පත් කර ඇති ගිණුමෙහි විස්තර.
03. එකී බදු මුදල් සංචිතයෙන් මේ දක්වා කිසියම් හෝ කාර්යයන් සඳහා මුදල් වැයකර ඇත්නම් ඒ කුමන කාර්යයන් සඳහා ද යන වග සහ එම වැය කිරීම් සම්බන්ධව කරුණු ඇතුළත් සංක්ෂිප්ත වාර්ථාවක්.
04. දැනට ගිණුමේ ඇති ශේෂය.
05. මේ වන විට එකී බදු මුදල් අය කිරීම ක්‍රියාත්මක වනවාද යන වග.
06. මේ වන විට එකී බදු මුදල අයකිරීම ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ කුමන දින සිටද සහ එයට හේතුව කුමක්ද යන වග.
ස්තුතියි !
..................................................
ගරු ලේකම්
උදේනි සුබෝදි කුමාර
(0712666296*
පිටපත්
මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා
අග්‍රාමාත්‍ය ලේකම්තුමා
ජනාධිපති ලේකම්තුමා
මෙම තොරතුරු ඉල්ලා සිටි අරමුණ සහ ඉල්ලා සිටිනු ලැබූ තොරතුරු පිළිබඳව එම සංවිධානය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ .
හිතවත් මහත්මයාණෙනි / මහත්මියනි,
මාධ්‍යය වෙත කරනු ලබන කාරුණික දැනුම්දීමයි
ආනයනික ප්‍රාසාංගික රූපවාහිනී නිර්මාණ සඳහා රජය විසින් පනවන ලද බදු මුදල් සංචිතය පිළිබඳව කිසිම තොරතුරක් ජනතාව වෙත මෙන්ම රූපවාහිනී ක්ෂේත්රයේ නියුතුවූවන්ගෙන් ද වසන් වෙන ස්වරූපයක් පිළිබිඹු වන බව මේ වන විටත් පැහැදිලිය. විදේශීය බාල රසයක් සහිත ලාබ ටෙලිනාට්‍යයන් රූපවාහිනී නාලිකා මගින් වසංගතයක් ලෙස විකාශය කිරීමෙන් දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයට සහ පොදුවේ ලාංකේය සමාජයට වන හානිය හේතුවෙන් ක්ෂේත්රයේ විවිධ සංවිධාන මගින් කරනු ලැබූ බලපෑම් මත එවකට පැවැති රජයට මෙකී අවරගණයේ විදෙස් නිර්මාණයන් සඳහා බදු මුදලක් පනවන්නට සිදු විය. ඉන් පසු කාලයන්හි බලයට පත්වූ රජයන්ට පවා තවදුරටත් බල කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙකී බදු මුදල ඉහළ නැංවීමට හැකි විය. ඒ අනුව මේ වන විට මෙම බදු මුදල් සංචිතය බිලියන ප්‍රමාණයක් විය යුතුය. නමුත් මෙම මුදල් සංචිතයේ නිවැරදි අගය හෝ එය පරිහරණය කරන ආකාරය පිළබඳ අඩු වශයෙන් ක්ෂේත්රයේ නියැලෙන්නන්ට හෝ විනිවිද දැකිය හැකි ක්‍රමවේදයක් නොමැත.
රටේ ජනතාවට අයිති සම්පතක් වන සංඛ්‍යාතයන් විද්‍යුත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් විසින් රිසි සේ අවභාවිතා කරනු ලබද්දී ඊට එරෙහිව නැගී සිටි ක්ෂේත්රයේ සංවිධානයන් මගින්් කරන ලද බලපෑම් හේතුවෙන් රජයට ගලා ආ මේ විශාල මුදල් සම්භාරයේ වගකීම පිළිබඳව ප්‍රශ්න කිරීමට සහ එම මුදල් දැනට දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණපා සිටින ටෙලිවිෂන් කර්මාන්තය ප්රමිතිකරණය හා සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට බලපෑම් කිරීමට අපට ද ඍජු අයිතියක් ඇත. එහි පළමු පියවර ලෙස අද දින (ජූලි මස 22)තොරතුරු හි ජනමාධ්‍ය අමාත්‍යෘංශයේ ලේකම්තුමා වෙත එකී බදු මුදල් සංචිතය පිළිබඳව නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා ටෙලිවිෂන් වෘත්තිකයින්ගේ ජාතික සංගමයේ විධායක සභාෙවි නිළධාරීන් විසින් ලිඛිතව ඉල්ලීමක් කරන ලදී.
මෙම ප්‍රවෘත්තිය ඔබේ මාධ්‍යය මගින් ජනතාව වෙත ගෙන යන ලෙසත්, ඉදිරියේදී මේ සම්බන්ධව අපගේ වගකීම වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටීමට සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප සංගමය ක්‍රියාත්මක වන අතර, ඒ සෑම අවස්ථාවකදීම යහපත් රූපවාහිනී කර්මාන්තයක් අපරටේ ස්ථාපිත කිරීම උදෙසා ඔබගේ කාරුණික දායකත්වය හා සහයෝගය අපි අපේක්ෂා කරන්නෙමු.
ස්තුතියි !
..................................................
ගරු ලේකම්
උදේනි සුබෝදි කුමාර
(0712666296)
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉහත සඳහන් තොරතුරු පිළිබඳව ලිඛිත ඉල්ලීමක් බාරදෙන්නට කලා කරුවන් පිරිසක් සහබාගී විය.
චාන්දනී සෙනෙවිරත්න සභාපතිනිය, උදේනි සුබෝදි කුමාර,ප්‍රධාන ලේකම් සමන්ප්රිය මාරසිංහ,ජාතික සංවිධායක දමිතා අබේරත්න ,උප ලේකම්
සම්පත් ජයවීර, විධායක සභික ජගත් මණුවර්ණ සහ ක්‍රියාකාරී කමිටු සාමාජිකයින් වන රොෂාන් කුරුප්පු ජනක සී. අත්තනායක සහ සාමාජික රුවන් බණ්ඩාර
https://casite-737679.cloudaccess.net/news/6505-natp#sigProId3895fda79c