වික්ටර් රත්නායක ගැන යළිත් කතාකරන්නට පටන් ගෙන තිබේ. බොහෝ දෙනෙක් ආදරය කළ වික්ටර් රත්නායක අද තනි ගැහැනියකගේ උරුම කරුවා බවට පත්ව තිබේ.කලාකරුවන් යනු පොදු වස්තූන්යයැයි ද කියති. වික්ටර් රත්නායක අයත්ව සිටියේ පොදු වස්තුවක් ලෙසිනි. ඒ ඔහුගේ සංගීත තනු ගායනයන් සේම ඔහු සමාජය තුළ පෙනී සිටි යම් ප්‍රතිපත්තිමය කාරනාවන්ට රසිකයෝ මෙන්ම සමාජයේ විවිධ මතධාරීහුද ඔහු ට ආදරය ගෞරවය කළහ.
එක්තරා කාලවකවානුවක සිට ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ගනු ලැබූ යම් තීන්දුවක් සමග වික්ටර් රත්නායක නම් වූ ගායනවේදියා සංගීතවේදියා පිළිබඳව පොදු රසික සමාජ විශාල කුට්ටි, සහෘද සමාජයේ කුට්ටි කැඩී බිදී ගියහ.කළකිරීමට පත්ව සිටියහ.දරුවන්ද ඔහු අහිමි කරගනු ලැබූ බව පොදු සමාජයම දන්නා කාරණයක් බවට පත්විය.
වික්ටර් රත්නායකගේ ස ප්‍රසංගය සියවතාවක් නැරඹූ පේ්රක්ෂකයන් ඇතුවාට කිසිම සැකයක් නැත. ඒ තරමට මිහිරිවූ ගී සමුච්චයක් එහි ඇතුලත්ය.
වික්ටර් රත්නායක අසනීප වන්නට පෙරද ඔහු තැනූ තනු වේදිකාවේ ප්‍රසංගයක් ලෙස ගැයීය. ඒ තනු අතිශය මිහිරිය. රසිකයෝ ඒ තනුවලට ද ආදරය කලහ. අදටත් ආදරය කරයි. රසවිඳියි. ඒ හඩ ද තනුද අමරණිය ය.
වික්ටර් රත්නායක පසුගිය කාලයේ දිගින් දිගටම අසනීප විය. ජීවිත අවධානමක පැවතිය වුවද වෛද්‍යවරුන්ගේ අපමණ කැපවීම සහ මැදිහත්වීම මත ඔහු මරණයෙන් ගලවා ගන්නට හැකිවිය.
වික්ටර් අයිති කරගෙන සිටින තනි ගැහැනිය ඔහුගේ සමකාලීණ මිතුරන්, සහෘදයින් බොහෝ පිරිසක් ඔහුගෙන් ඈත්කර තැබූවේ ඔහුගේ සෞඛ්‍ය තත්වය තුළ ඔහුට විවේකය අවශ්‍ය පව පවසමින් බව බොහෝ දෙනා කසු කුසු ගෑවේ හිත්වේදනාවෙනි.
මිනිසුන්ට තමන් කැමති ආගමක් ,මතයක්, දේශපාලන මතයක්, කුමන හෝ ස්ථාවරයක් දැරීමට අයිතියක් ඇත. ප්‍රතිපත්ති මත පිහිටා සමාජය තුළ ආකර්ශණීය පුද්ුගලයෙකුව සිට වික්ටර් රත්නායක සිය අසනීප තත්ත්වය තුළ ඔහු යම් ආගමික සහයෝගයක් ලබාගෙන තම ගායන ශක්තිය නැවත ලබාගෙන තිබේ. මේ පිළිබඳව සමාජය පුරා සමාජ මාධ්‍ය පුරා යන කතාබහ වහෙන් ඔරෝය. ඔහුගේ සමීීපතයෝත් ඔහු ට වහෙන් ඔරෝ සටහන් තබා තිබේ.
වික්ටර් රත්නායක වෛද්‍ය විද්‍යාව ට වඩා දේව මිත්‍යාව විශ්වාස කිරීමට පෙළඹවීම මෙවන් සමාජයක් තුළ පුදුම වන්නට දෙයක් නැත.ධම්මික, කාලි මෑණියන් ගේ රෙසිපි එකකට පැණියක් සාදා රටටම පෙව්වා සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මත වික්ටර් රත්නායක ගේ හඩ නැවත ලබාදී තිබේ. කාලි අම්මාගේ ධමිමික පැණියට වඩා එය ප්‍රායෝගිකව ඔප්පු කරන්නට ඔවුන් විද්්යූද් මාධ්‍ය සාක්ෂි පවා ගොඩ නගා තිබේ.
ඉතින් දැන් ඒවා ඔප්පු කර පෙන්වා දී තිබේ.වික්ටර් රත්නායකයන්ව සුවපත්කළ ආකාරය මේ අයුරිනි
දේවගැතිවරයා-මාගේ පුත්‍රය,නැවත වතාවක් ඔබ අද සිට ලෝකයට ඇසෙන්නට ගයන්නේය.මෙතැන් පටන් ඔබ වාර්ෂ තුනක් එක දිගට නැවත ගායනා කරන්න,මෙතැන් පටන් නුඹගේ ශක්තියෙන් නොව මාගේ ශක්තියෙන් නුඹ ගායනා කරනවා.
ජේසුස් වහන්සේ ගේ නාමයෙන් ඔබට එරෙහිව කර තිබෙන නීච ශාපයෙන්, ඔබට කටු ගසා කර තිබෙන වධ බන්ධනයෙන්, ඔබ විනාශවෙන්න කර තිබෙන හූනියම, ඔබට එරෙහිව ක්‍රියාත්මක වන සියළු ශාප, පලයාව් නිදහස්.ඔබට විශ්වාසයිද?
වික්ටර් - ඔව්
දේවගැතිවරයා-ඔබ අද සිට වසර තුනක් එක දිගටම ගායනා කරන අතර මුළු ලෝකයම නැවතත් ඔබ වෙතට හැරේවි සුළු කලක් තුළ ඔබ නැවත ගයන්න යනවා
වික්ටර් රත්නායකයන් ඇසිල්ලකින් ගායනා කරන්නට හඩ අවදිකරයි.
වික්ටර් -හෙට වෙනකොට තව හොඳට පුළුවන් වෙයි
දේවගැතිවරයා- සර් හෙට ඉඳලා බය නැතුව ගායනා කරන්න. මැඩම්, සර්ගෙ හඩ සියට සීයක් ලැබිලා ඉවරයි. ආයෙත් හෙට සිට සියළු වේදිකාවල නිර්භීතව බයනැතුව ගායනා කරනවා. සර්ට හඩ සීයට සීයක්ම පිහිටනවා .ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔලුවේ තිබුන, මොලේ තිබුන ලේ කැටි සියල්ලම දිය කළා ඒ වගේම ස්වාමීන් වහන්සේ, හෘදය සියයට සීයයක්ම සුව කළා.දැන් බය නැතුව වික්ටර් රත්නායක සර් බය නැතුව ආයෙ ගායනා කරන්න.
ඉන් පසු වේදිකාවට ගොඩවන වික්ටර් රත්නායක
"සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැලවිලි ගීයෙන්
මතකයි මා නැලවූවා ...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩිකල අම්මා...
ආදරෙයේ උල්පතවූ අම්මා ..
මා ඔබගේ පුතු වූ ...
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අදමෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී"
දේවගැතිවරයා -ශරීරයේ සුවය ස්ථිිර කරමි.නැවත වතාවක් ඔබ මේ දේශයෙන් පිටට ගායනා කරාවි නැවත වතාවක් ඔබට සිනාසුනු සියල්ල මවිතයට පමුනුවමින් ඔබ රාජාලියෙකු සේ නැගිටින්නේය
.ඔබේ බිරිඳ සුළු කළ සියල්ලන් ඔබේ බිරිඳගෙන් සමාව රැුගෙන මේ අසහාය මිනිසා බලාගත්තේ නුඹය,මේ අසහාය මිනිසාට පේ‍්‍රම වූයේ නුඹය, නුඹ අතිශය පේ‍්‍රමණීය මවක්ය, කාන්තාවක්යැයි කියමින් ඔබේ බිරිඳට ගෞරවකරගනු පිණිස මා ඇය සමග සිටින බව සියල්ලන්ටම දකින්නට සළස්වන්නෙමි. මාගේ පුත්‍රය, අදින් පටන් ගන්න නුඹගේ මේ ගායනය නතරකරන්නට කිසිවකුට මා ඉඩනොතබන්නෙමි.
මා නැවතත් තරුණ රාජාලියෙකු සේ ඔබ සමග පියාසර කරමින් මේ දේශය නැවතත් වික්ටර් රත්නායක යන අසහාය හඩ නැවත අවදිකරන්නෙමි. එය අද පටන්ගත්තේයැයි ජේසුස් නම් දෙවියන් වහන්සේ අනාගත වක්තෘ .....කතාකරන සේක.
නමුත් ඔබට අවවාදයක්ද දෙමි මේ සුවය දෙවියන් වහන්සේ වන මාගෙන් ලැබුන බව අමතක කළ විට මා නුඹගෙන් පහවන්නෙමි .නුඹ නැවතත් මාගේ නාමය අමතක කොට නුඹගේ සුවය නුඹගේ හඩ කෙරෙහි ආයෙ විශ්වාස කොට මනුෂයාට කෙරෙහි රදාපවතින විට මා නුඹගෙන් පහවී යන්නෙමි.මාගේ පුත්‍රය ලේකයට හැරී නොගොස් ලෝකයේ මායාවට බොරුවට හසුනොවී මා නුඹට කළ උදව්වේ සත්‍යයෙන් මාගේ මහිමය සපුරා පාවිච්චි කරපන් යැයි ස්වාමී වූ ජේසුස් දෙවියන් වහන්සේ ......... ඔබට කතාකරන සේක.
ඉකින් දැන් වික්ටර් රත්නායකයන් හෙට සිට යළි වේදිකාවේ ගී ගයනු ඇත. මන්ද හම්බන්තොට තිස්සමහාරාමේ උපන් කින්ග්ස්ලි වනිගසිංහ ජෙසුස් දෙවියන් වහන්සේගේ පුත්‍රයා විසින් විකටර් රත්නායකගේ මොලේ, හිසේ තිබුන ලේ කැටි දිය කර හරින්නටද ,හෘදයේ තිබූ අසනීප සුව කළ හෙයින්ද ,කට හඩ නැවත ලබාදුන් බැවින්ද, වික්ටර් රත්නායක හෙට සිට යළිත් ඔබ පිනවන්නට ගයනු ඇත.
ඔහුගේ බිරිඳට ඔබ ප්‍රශංසා කරනු ඇත ඇය හොඳ මවක්, බිරිඳක්, ගැහැනියක් යැයි ඔබ ඇයට ගෞරව කරනු ඇත.
වික්ටර් රත්නායකට හූනියම් කළ අය කටු ගැසූ අයට වැඩ වරදිනු ඇත.
දෙවියන් වහන්සේගේ ආශීර්වාද ලැබ කටහඩ ලැබූ සැනින් වික්ටර් රත්නායකයන් ගයන්නේ ආදරයේ උල්පත වූ අම්මා ගීතයයි. ඔහු රාහුල කුමරෙකු ව අම්මාගේ අතේ එල්ලී එන බව ද කියයි. ඒ නිසාමදෝ පාස්ටර් වරයා වික්ටර් රත්නායකයන්ට දෙවියන්ගෙන් සුවවූ බව අමතක නොකරන ලෙස දැඩිව අවවාද කරයි.
ඉතින් වික්ටර් රත්නායකයන් දෙවියන්ගෙන් ආශීර්වාද ලැබ නැවත ගායනා කරන්නට හෙට දිනක පැමිනේවි.
ඉවසීමෙන් සිටින්න යළිත් ඔහු සුපුරුදු ස්වරයෙන්ම ගයනු ඇත
වෛද්‍යවරුන්ට කිරීමට නොහැකි දේ දෙවියන් ලවා හෝ කරවාගෙන වික්ටර් රත්නායක නැවත ගී ගැයීමනම් ශුභාරංචියකි.සුජාතා අත්තනායකට වුවද මේ ආශිර්වාදය දිව්‍යම බලය ගබාගැනීමෙන් නැවත ගී ගයන්නට කටහඩ ලබාගත හැකිනම් අර අම මාදරෙයි කියන ගීතය දෙදෙනාට යළිත් සජීවීව එක්ව ගායනා කළ හැකිවනු ඇත.
අපි වික්ටර් රත්නායකයන්ගේ පෞද්ගලික ජීවිතයට කිසිවිටක අපහාස, නින්දා ගැරහුම්, අවමන් නොකලෙමු.ඔහුගේ පරම අයිතීන් වලට ගරු කළෙමු. තවදුරටත් එය එසේමය. වික්ටර් රත්නායක ට සිය හඩ ,නිරෝගී කම යකෙක්ගෙන් හෝ ලැබී නැවත ගී ගයනවානම් සතුටුවන ජනතාවක් වෙන කොහෝ සිටින්නටද ලාංකියකයන් ම මිස. එහෙයින් හෙට දිනක ඔහුගේ ඒ මධුර හඩ යළි අිට ඇසෙනු ඇත.
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්තොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූ දරුවෝ
දෙවියන් වහන්සේ කොයිතරම් ප්‍රභලද යන්න මේ දේව මෙහෙය නරඹන ඔබට දැකගත හැකිය මෙහි බහුතරයක් මේ වනවිට රට තුළ පනවා ඇති කොවිඩ් වසංගත නීති උල්ලංඝනය කරමින් මුව ආවරණ පැළද නොසිටී.
https://casite-737679.cloudaccess.net/news/6533-victor-rathnayaka-born-again#sigProId46ba569c1a