රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු ලෙස විරුදාවලිය ලත් ජනප්‍රිය ඇමරිකානු ගායක සහ රංගන ශිල්පී එල්විස් ආරොන් ප්රෙස්ලී නොහොත් අතිශය ජනප්‍රිය එල්විස් පේ්රසලිගේ ජීවිතය ඇසුරින් නිර්මාණය කරන ලද එල්විස් ELVIS නම් වූ චරිතාපදාන සංගීතමය සිනමා නිර්මාණය ජූනිමස ප්‍රථම වරට කාන්ස් සිනමා උළෙලේ ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව මහජන ප්‍රදර්ශණය 2022 ජූනි මස 23දින ඔස්ටේරලියාවේදී ප්‍රදර්ශනය ආරම්භ කොට ඇමරිකාවේ ඇතුලු ලොව පුරා රටවල් රැසක එල්විස් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලදී.
මේ වනවිට බොක්ස් ඔෆීස් වාර්ථා තබමින් ප්‍රදර්ශණය වන බව මාධ්‍ය වාර්ථා කරයි.
එල්විස් ප්‍රෙස්ලි 1935 ජනවාරි 08 දින ඇමෙරිකාවේ දී උපත ලබා 1977 අගෝස්තු මස 16 දින ජීවිතයෙන් සමුගනිද්දී ඔහු ගෙවා තිබුනේ වසර 42ක් වැනි කෙටිකාලීන ජීවිතයකි. 2022මෙම වසරේ අගෝස්තු 16 වන දිනට එල්විස් ජීවිතයෙන් සමුගෙන වසර 45කි. එල්විස් යළි උපත ලබා ඇත.
එල්විස් චිත්‍රපටය නිර්මාණය කිරීම පිළිබඳ පළමු වරට ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 2014දීය. තිර රචකයෙකු නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන Mark Anthony Luhrmann නොහොත් Baz Luhrmann විසින් එල්විස් අධ්‍යක්ෂණය කරන ලදී. මෙහි තිර රචනය කෙලී මාර්ෂල්ගෙනි .
මෙහි එල්විස්ගේ ගායකයා ගේ ප්‍රධාන චරිතය රගපානු ලබන්නේ ඔස්ටින් බට්ලර් විසිනි. කර්නල් ටොම් පාර්කර් නොහාත් එල්විස් ගේ කළමනාකරුගේ චිරිතය රගපාන්නේ ටොම් හෑන්ක්ස්ය. ඔලීවියා ඩී ජොන්ග් එල්විස්ගේ බිරිඳගේ චරිතයට පනපොවයි. මැන්ඩි වෝකර් මෙහි කැමරා අධ්‍යක්ෂවරයාය.සංගීතය එලියට් වීලර්ගෙනි. එල්විස් හි සංස්කාරකවරයා වනුයේ මැට් විලා සහ ජොනතන් රෙඩ්මොන්ඩ්ය. මෙහි නිෂ්පාදනය ආයතනය වනුයේ වෝනර් බ්‍රදර්ස් බැෂ්මාර්ක් චිත්‍රපට සහ ජැකාල් ගෘප්ය. නිෂ්පාදකයන් ලෙස බැෂ් ලුයර්මාන් සහ ජෙරමි ඩොන්ර්ය.
එල්විස් ප්‍රෙස්ලි ට බොහෝ අය පෙම් කළේ ඔහුගේ රූපයටය. ඒමෙන්ම ඔහුගේ ගීීත වලටද බොහෝ අය පේ‍්‍රම කළහ. නමුත් එලිවිස්ගේ ජීවතය එක්තරා ඛේදවාචකයකි.
එල්විස් සිනමා පටය තුළින් ඔහුගේ ජීවතයත් කළමනාකරුනිසා ඔහුට ඇතිවූ බලපෑම් මෙන්ම එල්විස්ගේ ජීවිත අභ්‍යන්තරය පිළිබඳ වෙනස් කියැවීමක් අලුත් සංගීත පරපුරට මෙන්ම සිනමා රසිකයින්ට කියවාගත හැකිවනු ඇත.
මේ වනවිට එල්විස් චිත්‍රපටය පිළිබඳ විචාරකයින් ගේ ප්‍රථිචාර ධනාත්මකය. චිත්‍රපටය ලොවපුරා රසිකයින්ගේ අවධානයට යොමුවී තිබීම සතුටකි .
එල්විස් ඔබට මෙරට සිනමාශාලාවන් හීදීද දැකගැනීමට පුලුවන.
https://casite-737679.cloudaccess.net/news/6573-elvis-presley-is-reborn#sigProId35aaafd844