ප්‍රේමකීර්ති ද අල්විස් යනු සිය නිර්මාණශීලී හැකියාවෙන් බිඳක් වන ගී පද රචනා හැකියාවෙන් ශ්‍රී ලාංකේය ගී සාහිත්‍යයට රස සාගරයක් තිළිණ කළ නිර්මාණකරුවෙකි.
මොහිදීන් බෙග් යනුද ඒ හා සමානවම සිය ගායන දිවියේ කළ නිර්මාණ ඇසුරින් ඉමක් නැති රස වින්දනයක් ගීත රසිකයාට දායාද කළ තවත් සදා අමතක නොවන නිර්මාණකරුවෙකි.
මේ දෙපලගේ පද රචනා සහ ගායනයෙන් මෙන්ම ඩී. බල්සරා සංගීත නිර්මාණකරුවාගේ දායකත්වයෙන් නිමැවුණ 'මා ඈත භවේදී' ගීතය ප්‍රතිනිර්මාණයක් (රීමේක්) හැටියට එළිදැක්වීමට මොහොදීන් බෙග් පුතු ඉශාක් බෙග් සමගින් 2FORTY2 සංගීත කණ්ඩායම සමග බිලී ප්‍රනාන්දු කටයුතු කර තිබේ.
රසය නොනසා ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම බිලී මෙහිදී මැනවින් ඉටු කිරීමට කටයුතු කර තිබේ.