lan englan tam

පුවත්

මාධවන්ගේ ප්‍රියතම කෑම මොනවාද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආර්. මාධවන් ජනප්‍රිය කොලිවුඩ් නළුවා මෑතකදි බොලිවුඩය තුළ අවධානය දිනා ගත්තේ අජේ දේව්ගන් සමග රඟපෑ 'ශේතාන්' චිත්‍රපටයෙනි.

'ශේතාන්'හි යක්ෂාවේෂ සතුරු චරිත නිරූපණයක් කළද මාධවන් යනු බෙහෙවින් කඩවසම් මෙන්ම බෙහෙවින් නිවුණු නළුවකු බව බොහෝ දෙනා පවසයි.
ඉන්දියාවේ ජනප්ටිය කමියා ජානිගේ ජනප්‍රිය 'කර්ලි ටේල්ස්' වැඩසටහනේ සිය ආහාර ගැන කීමේදී මාධවන් කමියා සමග මෙසේ ප්‍රකාශ කළේය.

කමියා: මම ඔබට ප්‍රශ්න කිහිපයක් දෙනවා, පිළිතුරු තෝරන්න. ඔබගේ දකුණු ඉන්දීය ආහාරවල උදේ ආහාරවලින් මම ඔබට මේ පැන ලබා දෙනවා. ඔබ කැමති එක ඉන් තෝරන්න. ඉඩ්ලි - වඩ?
මාධවන්: ඉඩ්ලි

කමියා: උප්පුමා - පොංගල්?
මාධවන්: පොංගල්

කමියා: දෝසා - අප්පම්?
මාධවන්: මෙහෙමයි. දකුණු ඉන්දීය ක්‍රමයට කියන්නේ 'දෝසා'යි.

කමියා: උඳු දෝසායි - මසාලා දෝසායි?
මාධවන්: මට හිතෙන්නේ මම චෙන්නයි ඉන්නව වගේ දැන්. උඳු දෝසායි

කමියා: මේදු වඩ (උළුඳු වඩ) - ඉඳි අප්පම්?
මාධවන්: මේදු වඩ

කමියා: මේදු වඩවලට ගොඩක් දෙනෙක් මෙහි මින්දු වඩා කියා කියනවා.
මාධවන්: මට කියන්නේ මධාවන්, මහාදේවන්, මධේවන් වගේ.


එම රසවත් සංවාදය පහතින් පළ කෙරේ.

Back to top
Go to bottom

Popular News