lan englan tam

පුවත්

බිරින්දෑවරුන් කෝච්චියකදී මාරු වීමක් කියන Laapata Ladies

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආමීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය වන්නේ Laapata Ladies වේ. ආමීර් ඛාන් සහ ඔහුගේ බිරිඳ සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන කිරන් රාඕගේ අලුත්ම චිත්‍රපටය (හින්දියෙන් 'ආගිය අතක් නැති බිරිඳෑවරුන්') මේ වන විට ඉන්දියාවේ අවධානය දිනා ගත් ප්‍රහසන චිත්‍රපටයක් බවට පත් වී තිබේ.

2001 වර්ෂයේදී දුම් රියක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුට සිය මුහුණු ආවරණය කරගෙන සිටි සහකාරියන් මාරු වීම පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ. මෙම චිත්‍රපට කණ්ඩායම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා බැංගලෝරයේ ආමීර් ඛාන් මීට පෙර රඟපෑ 'ත්‍රී ඊඩියට්ස්' රූගත කිරීම් කළ IIM (Imperial College of Engineering) විදුහලෙහි සිසුන් සමගද හමුවක් යොදාගෙන තිබිණි.
චිත්‍රපටයේ 'ඩවුටුවා' සහ 'සජ්නී' ගීත ඉතා ජනප්‍රිය වී ඇති අතර චිත්‍රපටයේ සම නිෂ්පාදකවරිය හැටියට ආමීර් සමග ජ්‍යෝති දේශ්පාණ්ඩේ කටයුතු කරයි.

Back to top
Go to bottom

Popular News