lan englan tam

පුවත්

'ලලයි ලිලයි ලයි' අධ්‍යක්ෂ විඳවන්න පටන්ගෙන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ජනප්‍රියව සිටින සුපුන් රත්නායකට මේ දිනවල 'ලලයි ලිලයි ලයි' හරහා ලැබෙන ප්‍රතිචාර අනුව ඔහු බෙහෙවින් කාර්යබහුල බව සිතිය හැකි වුවත් ඔහු නිර්මාණශීලී ලිවීම විනෝදාංශයක ලෙස සිදු කරන අයකු බව පෙනෙන සටහනක් පළ කර තිබේ.
ජනප්‍රිය ගායක දයාන් විතාරණගේ ගීත කිහිපයක් තෝරාගෙන සුපුන් කළ ලියවිල්ල රසවත් එකක් හෙයින් මෙහි පළ කරමු.

විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා ...

මගේ ජීවිතේ එකම හීනය තිබ්බේ සංගීත ගුරුවරයෙක් වෙන්න.ඒ හීන ඇතුළෙ තියෙනවා ගායකයෙක් වෙන්නත්.හැබැයි මම හොඳටම තේරුම් අරගෙන හිටපු දෙයක් තමයි, මං ගාව ගායන හැකියාව තිබ්බට තරු ගුණය නෑ කියලා .ෆීලින්ස් වලට සීන්ග් කරන්න පුළුවන්. ඒත් ප්රාසාංගිකව ගීත ගායනා කරන්න මට බෑ .
සෞන්දර්ය විශ්ව විද්යාලයෙන් උපාධිය ගත්තට රස්සාවක් හම්බෙනකල් නිකන් ඉඳලා බෑ, මොනවා හරි කරන්න ඕන .
අපේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ වැඩ කරේ ,අම්මා ස්කෝලෙක නියෝජ්ය විදුහල්පතිවරිය ක්.අම්මගේ ගමේ වතුවල ආදායමෙන් කොටසක් අපිට හැම මාසේම එනවා .ගෙදරටම අල්ලල හදපු ඇනෙක්ස් එකයි උඩ තට්ටුවයි කුලියට දීලා තියන නිසා එතනිනුත් හොඳ ගානක් එනවා. ඒවා ඔක්කොම ගණන් හදලා බැලුවහම රස්සාවක් කරන්න ඕන නෑ කියල ත් හිතෙනවා .නංගිටයි මටයි මේවා සම සමව බෙදා ගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් .
ඒ මොනවා වුනත් මගේ අතේ සත පහක් නැහැ .
අම්මගෙන් කෙළින්ම ගංජා ටිකක් ගහන්න සල්ලි ඉල්ලන්න බැරි නිසා
"අම්මේ බයිසිකලේ සයිලන්සරේ ඇතුලෙ කාබන් හිර වෙලා ,අයින් කරන්න රුපියල් පන් සියයක් වත් යනවා "
මේ විදිහට හැමදාම අම්මගෙන් සල්ලි ඉල්ල ගන්නකොට අම්ම හිතනවා ඇති මූට අලුත් බයිසිකලයක් අරන් දුන්නා නං ඉවරයි කියලා.ඉස්සර ඉස්කෝලේ යන කාලේ සිගරට් බොන්න කොල්ලොත් එක්ක සල්ලි නැති උනහම තාත්තාගෙන් සල්ලි ඉතිරි ඉල්ලගත්තෙ හරකෙක් නිදහස් කරන්න රුපියල් පනහක් දෙන්න කියලා .
හැමදාම මේ සෙල්ලම හරි නැති නිසා මම තලවතුගොඩ රෙස්ටුරන්ට් එකක රෑට රෑට සින්දු කියන්න පටන් ගත්තා.සතියට දවස් හතරක් රෙස්ටුරන්ට් එකේ සින්දු කිව්වහම රුපියල් නමදාහක් හම්බෙනවා .ඊට අමතරව ටේබල් වලින් හම්බෙන ගතමනාවක් එක්ක ගණන් හදලා බැලුවහම හිත සතුටු වෙන්න පුළුවන් ආදායමකුත් තියෙනවා .ඒ විතරක් ද නොමිලේ බොන්නත් ලැබෙනවා .
මම මෙච්චර වෙලා කිව්වෙ මේ කතාවට අවශ්ය ඌණ පූරණ ටික.තව දෙයක් කියන්න ඕන ,මම මුලින්ම කිව්වනේ මට නංගි කෙනෙක් ඉන්නවා කියලා. එයයි මමයි නිවුන්නු .ඒක සමහර විට මේ කතාවට ඒ තරම් වැදගත් නොවුනත් මට එක කියන්න හිතුනා .හරි මම දැන් කතාව කියන්නේ පටන් ගන්නවා .
අපේ ගෙදර උඩ තට්ටුවට අලුත් කපල් එකක් ආවා .මමයි නංගියි ඒ කපල් එක හැඳින්නුවේ හැටපහයි තිස්පහ කියලා .මිනිහා හත්ද නාකියි.ගෑනි පට්ට තරුනයි.ගෑනි කියන එක හරි නෑ වගේ .දැනට අපි එයා කියලා කියමු .පස්සේ නම කියලා කතා කරමු .
මිනිහට මාස හයක් හෙඩ් ඔෆිස් එකේ ට්රේනින් එකක් හම්බෙලා .ඒක කියනකොට මට හිනා ගියේ, වල පයයි ගොඩ පයයි ඉන්න එවුන්ට මොන ට්රේනින් ද කියලා .මාස හයකට තමයි අපේ අපේ ගෙදර උඩ තට්ටුවට ආවේ .
අපේ නංගි මුලින්ම එයා එක්ක හිතවත් වුණා .අපේ අම්මයි නංගියි හැමදාම හවසට මල් පැල වලට වතුර දානවා, සාත්තු කරනවා.එයා උඩ බැල්කනියෙ ඉදලා බලාගෙන ඉන්නවා .
මල් පැල අතරෙ මම වවලා තිබුණ ගංජා පැළ දෙක තුනටත් ඒ හරහා අවශ්ය සාත්තුව ලැබුණා .නංගී ගන්ජා සීන් එක දැනගෙන හිටියා .එයා කොහොමත් ඒවගේ වැඩ වලට මට සපෝට් .මුල් දවස්වල උඩට වෙලා බලාගෙන හිටපු එයා ටික දවසකින් පහලට ඇවිල්ලා අම්මටයි නංගිටයි උදව් කරන්න පටන් ගත්තා .
දවසක් මම රෙස්ටුරන්ට් එකට යන්න ලෑස්ති වෙනකොට, මම දැක්කා එයා නංගිත් එක්ක මල් පැල අතගගා ඉන්නවා .ගංජා පැලය පෙන්නලා මෙයා අහනවා "මේ දාස් නේද" කියලා .නංගි හිනා වෙලා මගේ දිහා බැලුවහම මං එයාට උත්තර දුන්නේ "ඔය දාස් නෙවෙයි ඩැෆඩිල්,ඩැෆඩිල් මල් කියන්නේ ඕවට" කියලා.
"සීරියස්ලි ,මං ඒ නම අහල තියෙන සිංදුවකින් විතරයි."
එදා ඉදල එයාට අපි අලුත් අනුවර්තන නාමයක් එකතු කරා ."ඩැපඩිල් මල" .ඩැෆඩිල් මල ළඟ තිබුණ අන්කොමන් ගතිය මගේ සිතේ රටා අඳින්න පටන් ගත්තා .
සිත මා සොරාගෙන ගියේ
ඇයිද ඩැෆඩිල් මලේ ....
හිම වාගෙ සුන්දර හසකැන්
පුරවා හදේ ....
මුමුණා කියන්නේ නල රැළින්
කඳු මානයේ ...
ඔබ තාම මාගෙමයි
වසත් කල යෞවනියේ ....
උදේම අපේ අම්මයි තාත්තයි වැඩට යනවා ,ඩැෆඩිල් මලේ අයිතිකාරයත් වැඩට යනවා .ඉතුරු වෙන්නෙ මමයි නංගියි එයයි විතරයි .ඉතිං මම පල්ලෙහා ඉඳගෙන එයාට ඇහෙන්න සින්දු කියනවා.
මං හිතන්නෙ කෙල්ලෙක්ට කොල්ලෙක් ට්රයි කරනවා කියන එක තේරෙන්නේ අතිශය ප්රාථමික අවස්ථාවේ දීමයි .හැබැයි කොල්ලා කෙල්ලට ඒක තේරුණා කියලා දැනගන්නේ වැඩේ සංකීර්ණ වුණාට පස්සේ .අපි ආයෙමත් කතාවට එමු.
හරියට ම සිද්ධිය මතක නෑ .දවසක් මොකක් හරි මලක් පෙන්නලා එයා නංගීගෙන් අහනවා මොකක්ද මේ කියලා .මම ගත්ත කටටම කිව්වා "ඒක පරසතු මලක්" කියලා .
ඒ වෙලාවේ නම් එයා බැලුවේ මාව පිච්චිලා යන බැල්මක් .ඒක තමයි අපේ කතාවේ අත්තිවාරම් වුනේ .
මුලින්ම අපි යාළුවො විදියට පටන් අරගෙන ටික ටික ජීවිතයේ දේවල් කතා කරන්න පටන් ගත්තා .එයා මොනම වෙලාවකවත් එයාගෙ හස්බන්ට විරුද්ධ වෙන වැඩක් කරන්න කැමති වුනේ නැහැ .එහෙම තමයි පවුල් ජීවිත ගත කරන ගැහැනු .හිතේ ආසාවල් මොනතරම් තිබුනත් ඒ හැම දේටම වඩා පවුල ගැන හිතනවා .ඒ උනාට මට කිසිම දෙයක් අදාල වුණේ නෑ.ඒත් එයා සීමා මායිම් තියාගෙන මාව ආශ්රය කරේ.ඒ මොන සීමාවල් තිබුණත් ඒ ඇස් වල ආදරේ පිරිලා තිබුණා .ආදරේ නොදැනෙන්න එයා රොබෝ කෙනෙක් නෙවෙයිනේ..
වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ...
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්...
සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුළින් ..
සුවඳ දිදී තිබුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම් ..
ජීවිතය එක තැනක් එනවා සීමා මායිම් කඩාගෙන ඉස්සරහට යන .මම සීමාව කඩා ගෙන උඩ තට්ටුවට ගියා .එයා කොච්චර එපා කිව්වත් එයාගෙ හිත ඇතුලටම ගියා .
මේ වෙන කොට අපේ නංගිට වැඩේ ටිකක් තේරිලා තිබුනේ .එයා මට අර්ථයෙන් සහ ධර්මයෙන් අවවාද අනුශාසනා කරා මේ වැඩේ එච්චර හොඳ දෙයක් නෙවෙයි කියල .ආදරේදි අන්ධ වෙනවා කියලා කියන්නේ ආදරවන්තයන් ගේ බාහිර ලෝකයට වඩා අභ්යන්තර ලෝකය ලොකු වෙන එකට.එතකොට බාහිර ලෝකයේ සිද්දවෙන දේවල් වැඩිය පේන්නෙ නෑ .මටත් හරියටම උනේ ඒක .මං කරන වැඩේ හරිද වැරදිද කියන එක මට අදාළ වුණේ නෑ .
කතාවටත් කියනවනේ යුද්දෙදි සහ ආදරේ දී කරන කිසිම දෙයක් වැරදි නෑ කියලා .එයා හැම වෙලාවෙම කිව්වේ හෙට ගැන හිතන්න අද විතරක් නෙවෙයි තව දවසක් ජීවිතේට තියෙනවා කියලා.මම එතකොට කිව්වේ අද තමයි හොදම දවස හෙට ගැන තියෙන්නෙ බලාපොරොත්තුවක් විතරයි කියලා .
අවසානයේදී නංගි අපේ ආදරයට උදව් කරන කෙනා බවට පත් වුණා .අපේ ගෙදර සින්දු වලින් පිරිලා .උදේ ඉඳලා හවස් වෙනකල් මම සින්දු කියනවා .එයා අහගෙන ඉන්නවා .මං හිතන්නේ අපේ අම්මටයි තාත්තටයිත් මේ ආදරේ කාන්දු වෙන්න පටන් ගත්තේ මේ කාලෙදී .එයාලා මට මොනම හේතුවකටවත් උඩ තට්ටුවට යන්න එපා කියලා නියෝගයක් දැම්මා .
මේ නියෝගය නිසා වැඩිපුරම අපහසුතාවයට පත් වුණේ මගේ ෆැෆඩිල් මල .එයා කියනවා අම්මා තාත්තගේ මුණ බලන්නත් ලැජ්ජයිලු.
අපි හෙට ගෙන පසුව හිතමු
අද හමුවී කතා කරමු ...
ආල හිතට
උඩින් වැටෙන
කලු වලාව ...
පිපිරී වැහි ඇද වැටුනත්
තැති ගැන්වී පලා නොයමු ..
හෙට හිරු හා හිනා වෙන්න බලාපොරොත්තුවක් වෙන්න ...
කඳුලැලි උල්පත නිවන්න
ඈ බිඳකට ලගින් ඉන්න..
දීඝගාමිණී ට උන්මාදචිත්රා ඉන්න එක්ටැම් ගෙයට යන්න පුළුවන් වුනා නම් ,මට බැරිද අපේ උඩ තට්ටුවට යන්න .ඉතාම රහසිගත ක්රම වලින් මං උඩ තට්ටුවට ගියා .ඒ විතරක් නෙවෙයි ආදරේ අනන්තය හොයන්න පටන් ගත්තා .
මං ඔයාට හරි ලස්සන කතාවක් කිව්වා .ඔන්න අවුරුදු 70ක විතර සීයා කෙනෙකුට එයාගෙ වයිෆ්, ඒ කියන්නේ ආච්චි ගැන ආයෙමත් සරාගික හැඟීම් මෝදු වෙන්න පටන් ගත්තලු .මුලින් ආච්චි මේකට "නාකි විසේ" කිය කිය හිටියට ආච්චිත් පස්සෙ කැමති වෙලා .
ඒත් මුනුබුරෝ සහ ළමයි ඉස්සරහ කොහොමද මේ දෙන්න සෙට් වෙන්න .සීයා කිව්වලු මට අද රෑට ඔයා ගාවට ඇවිල්ලා එහෙම ඉන්න ඕන වුණොත්, මම හවසට අහන්නම් "අද රෑට කෝපි එකක් බොමු නේද" කියලා ,
ඔයා ඕකේ නම් කියන්න "ටිකක් රෑ වෙලා හදලා දෙන්නම්" කියලා .දැන් ඉතින් වැඩේ ජයටම යනවලු.කොහොමත් දෙන්න සතියකට දෙතුන් පාරක් කොපි බොනවලු .හදිසියේම දවසක් පිරිත් ගෙදරක ගිහිල්ලා රෑ දෙක විතර වෙනකොට ආච්චි පිරිත් මණ්ඩප ගාව දපලා බුදිලූ.
පිරිත් ගෙදර තේ අල්ලන පොඩි එකෙක් ඇවිල්ලා ඇහුවලු "කෝපි එකක් බොමුද?" කියලා .ආච්චිට හිතිලා තියෙන්නෙ මේ සීයා අහන්නේ කියලා ."අනේ මන්දා, පිරිත් ගෙදරක ඇවිල්ලත් ඉන්න බෑනේ, ආ ඕන දෙයක් කරගන්නවා" කියලා ආච්චි එයා ඇදගෙන හිටපු චීත්තේ ගලවල දාලා.
මේ කථාව ඇහුවට පස්සෙ එයා ඇස් වලින් කඳුළු පනින කල් හිනා උනා .
හිනාවෙලා ඉවර වුණාට පස්සේ මං ඇහුවා අපි කෝපි එකක් බොමුද කියලා .එයා ළඟ තිබ්බ ළඟ තිබ්බ පුටු කොට්ට විසික් කරලා ගැහුවා .එහෙම තමයි ගෑණු.මොකෝ එක පාරටම "හා හා එන්න, මං වතුරෙන් උනු කරගෙන හිටියේ" කියලා කියන්නේ නෑනේ.
මේ වෙනකොට ජීවිතයෙන් හතරෙන් තුනක් එයා වෙලා හිටියේ .ඒත් එයා හැම වෙලාවෙම කිව්වේ මේක තේරුමක් නැති සම්බන්ධයක් කියලා .
වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්...
මගේ උයනේ නිකැළැල්
පීදිලා එනු හැමකල්...
මම දුරින් සුපිපෙන්නම්
ඔබට ලංවළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ලත වෙන්නම්... .
අහම්බෙන් දවසක එයාගේ හස්බන්ඩ් හොඳටම බීලා ඇවිල්ලා අපේ අම්මටයි තාත්තටයි බැන්නා, ළමයි හදාගන්න කියලා .වටේ ගෙවල් වලටත් වැහුනා .අම්මා කිව්වේ එයාට පාරට ආපහු ඇඳුමක් ඇඳගෙන බහින්න ලැජ්ජයි කියලා.තාත්තා ගිටාර් එක අරගෙන පොළොවේ ගැහුවා .නංගි කිසිම දෙයක් කර කියාගන්න බැරුව බය වෙලා බලාගෙන හිටියා .මට ඇහුනා අර මිනිහා එයාට ගහනවා අතින් පයින්.
ඊට පහුවෙනිද උදේ ඒගොල්ලො එයාලගේ ඔක්කොම බඩු ටිකත් අරගෙන අපේ ගෙදරින් යන්න ගියා .ඒ යනකොට එයාගෙ ඇස් වල තිබුනේ තේරුම් ගන්න බැරි අමුතු හැඟීමක් .සමහර විට එයා කියන්න ඇති මම බලෙන් යාළු වෙන්න එනවා කියලා .මට ඒ සම්බන්ධයෙන් නම් කිසිම තරහක් වෛරයක් තිබුණේ නෑ .
මොකද එයා පවුල් ජීවිතය ආරක්ෂා කරගන්න එහෙම බොරුවක් කිව්වා කියන එක වැරැද්දකුත් නෑ .ඒත් මං ඇත්තටම දන්නවා එයා මට ආදරෙයි කියලා .ඒ වගේම මම දන්නවා එයා හස්බන්ඩ් ටත් ආදරෙයි කියලා .ඒත් මම ආදරේ එයාට විතරයි .ඒකයි මට මේ තරම් ඒ ආදරේ දරාගන්න බැරි.
ඇත්තටම එයා දැන් කොහේ ඇත්ද?මොනවා වුනත් මම එයාට කියපු සින්දු කොහෙන් හරි ඇහෙනකොට මාව මතක් වෙනවා ඇති.
අතීතය කියන්නේ ගිහින් නතර වෙන්න හොද තැනක් නොවුනට ඉදලා හිටලා ගිහින් එන්න වටින තැනක්.එහෙම යන හැම වෙලාවකම මට එයාව හම්බ වෙනවා.මම සින්දු කියනවා එයා අහගෙන ඉන්නවා .එයා තමයි මගේ ජීවිතේ ජීවිතයේ මතක සටහන.
එයාටත් එහෙමද දන්නේ නැහැ..
සිත්තම් කරමින්
මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රැව් පිලිරැව් දී
ඇසෙන ඔබේ හඩ
යලි මගේ සවනත
වැකෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා ..
දෙලොවක් අතරේ සරන ඔබේ සිත මෙතරම් සසලෙන් නැතුව ඇති
මට මගේ මුලු ලෝකයම නිසා ඔබ වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ භවය පුරා ..
Back to top
Go to bottom

Popular News