lan englan tam

පුවත්

අප ජීවත් වන යුගයට උපමාවක් The Island

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
අප ජීවත් වන යුගය සහ සමාජ ක්රමයට උපමාවක් වශයෙන් තේරුම් ගැනීම සඳහා හොඳම චිත්රපටයක් වන්නේ 2005 වර්ෂයේ තිරගත වූ The Island චිත්රපටයයි.
විභාගයකින් සමත් වීම, විවාහය, වාහනයක් ගැනීම, නිවසක් තැනීම, විදේශගතවීම වැනි අපට 'ක්රමය විසින් හඳුන්වාදුන්' ජයග්රහණ හමුවේ සතුටු කඳුළු සලන මිනිසුන් අපි එදිනෙදා සමාජ මාධ්යය තුළ දකිමු.
අප ජීවිතයේ කඩඉම්, ඉලක්ක, ලඟාකරගැනීම්, පොදුවේ ජීවිතයේ ජයග්රහණ (life goals) සාමාන්ය ව්යවහාරයේදී 'කට්ටක් කාලා ගේමක් ගහලා ගොඩ යාම' යනුවෙන් අප හඳුනාගන්නා සියලුම අවස්ථා හමුවේ අප සතුටු වීමත්, Island චිත්රපටයේ 'මානව ක්ලෝන' කිසිදා නොදුටු 'දිවයිනකට' (Island) යාම සඳහා සුදුසුකම් ලබන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්රහණය කළ විට සතුටු වීමත් අතර වෙනසක් නැත. අපගේ සැබෑ ජීවිතයේදී එම ජයග්රහණයෙන් පසු සිදුවන්නේ කුමක්ද යන්න අප සිතාබලන්නේ නැත. Island චිත්රපටය තුළ පෙන්වන්නේ 'ජයග්රහණයෙන් පසු' සිදුවන දෙයයි. එය ඒ ආකාරයටම නොවුනත් අපගේ ජීවිතයේදී අප මුහුණදෙන්නේ ද එවැනිම කටුක යතාර්ථයකට බව පිළිගැනීමට අපට සිදුවේ.
අපට සමාජය විසින් 'දෙනලද ඉලක්ක' සපුරාගැනීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම යනු මෙම සමාජ ක්රමය පවත්වාගැනීමේ ගාමක බලයයි. සැබැවින්ම අප යනු මෙම දැවැන්ත ක්රමය ගොඩනැගී තිබෙන අංශු මාත්රයන් පමණි. අපගේ සෑම ජයග්රහණයක්ම තවත් දීර්ඝ කටුක ගමනක ආරම්භයක් පමණි.
එහෙත් මෙම ක්රමය පවත්වාගැනීම සඳහා අප නොදැනුවත්වම වැය කරන ශ්රමය නැවත අප වෙත ලැබෙන්නේ නැත. එයට සිදුවන්නේ කුමක්ද යන්න සඳහා පිළිතුරක් The Island චිත්රපටයේ ඇත.
 
දිනිත් සුමනසේකර
Back to top
Go to bottom

Popular News