lan englan tam

පුවත්

'අපි කවුරුද' ඇතුළු ගීත හතක් ගැයීමේ වාරණය දිගු වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'අපි කවුරුද' ඇතුළුව ගීත හතක් ගායනා කිරීමට ගායන ශිල්පී සේනක බටගොඩ වෙත පනවා ඇති වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.

එයට අදාළ නඩුව ඊයේ (18) කැඳවූ අවස්ථාවේදී අදාළ වාරණය අගෝස්තු මස 23 වැනි දින දක්වා දීර්ඝ කිරීමට නියෝග ලැබී තිබේ.
අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පණක් තියෙනවා, හොඳම දේ සහ සැනසෙන්නම් මා යන ගීතවල පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සැකසුම සේනක බටගොඩ සමග ඒකාබද්ධව සිදු කළ සංගීතඥ ජනත් කුලතිලක විසින් මෙම නඩුව සේනක බටගොඩට එරෙහිව ගොනු කර තිබිණි.

kemadasa

Back to top
Go to bottom