lan englan tam

පුවත්

මවකගේ නිහඬ හැඬුම කියන රාණිගේ ගීතය එළි දක්වයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුතුනේ නිදන්න
දස මසක් මා කුස තුළ ගුලි වී
සිටියා මෙන් ඔබ නිදන්න

'රාණි' චිත්‍රපටයේ ගීතය මේ වන විට නිකුත් කර තිබේ. එම ගීතය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් චිත්‍රපටයේ අධ්‍යක්ෂ අශෝක හඳගම පවසන්නේ චිත්‍රපටය සංස්කරණයෙන් අනතුරුවත් තමන්ට ඒ වෙනුවෙන් ගීතයක් යෙදීමට අදහසක් නොතිබූ නමුත්, චිත්‍රපටය සමග ඇති වූ හැඟීම්බර වීම උඩ ගීතය චිත්‍රපටයේ අවසානයට ඇතුළත් කළ බවය.
ස්වර්ණා මල්ලවාරච්චි චරිතාංග, ප්‍රවීණ රංගන ශිල්පිනිය දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ දකින හීනයක් වන 'රාණි' මේ වන විට තිර ප්‍රදර්ශනය සඳහා සූදානම් වෙමින් පවතින අතර එම චිත්‍රපටයේ ගීතය 'පුතුනේ නිදන්න' එළිදක්වන තුරු පවා රසික ප්‍රජාව බලා සිටියහ.
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මවගේ චරිත කතාව පදනම් කර 'රාණි' නිර්මාණය කර තිබේ. ඒ පිළිබඳව අධ්‍යක්ෂ අශෝක හඳගම මෙසේ පවසයි.

මේ ගීතය මම රචනා කළේ රාණි චිත්‍රපටය සංස්කරණය කළාටත් පස්සේ. මුලින් සිංදුවක් දාන්න අදහසක් තිබ්බේ නැහැ. ඒත් පස්සේ මාත් හැඟීම්බර උනා. ඊට පස්සේ චිත්‍රපටයේ අවසානයට ගීතය ඇතුළත් කළා.
මැරයන් විසින් පැහැරගෙන ගිය රිචඩ් ඩි සොයිසාගේ මළ සිරුර අපට හමුවන්නේ මුහුදු වෙරළේ තිබියදී.
වෙඩි තබා ගැඹුරු මුහුදේ අතහරිනු ලැබ තිබුණු සිරුර වැල්ලට ගසාගෙන ඇවිත් තිබුණා. එය මේ අපරාධය සිදුකළ මැරයන් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වූ දෙයක් නොවන්නට ඇති. එහෙත් ඒක එහෙම වුණා.
ඔහුගේ මව, මනෝරාණි සිතන්නේ මුහුද සිරුර තමන් තුළ සඟවාගන් නැතුව වෙරළට ගෙනත් දමන්නේ ඇයට සිය දහස් දෙනාගේ යුක්තිය වෙනුවෙන් සටන් කරන්න වෙන්න ඇති කියලා.
මේ අදහස තමයි ගීතය සඳහා සංකල්ප ගත කරේ.
Music වීඩියෝ එකේ තියෙන්නේ තමන් හැමදාම පදවන කාර් එක මුහුද මෑද්දට එලවාගෙන ගිහින් මනෝරාණි තමන්ගේ දරුවාගේ සිරුර සාරියෙන් ගැටගහගෙන වැල්ලට ගෙනත් දාන එක.
රාණි චිත්‍රපටියට මෙන්ම ගීතය සඳහාද සංගීතය මුසු කළේ රෝහණ වීරසිංහ. ගීතය සඳහා තම හැඟීම් බර හඬ මුසු කරන්නේ නිපුණී ශාරදා. AI තාක්ෂණය ඇසුරින් රූප රචනය කරන්නේ රුසිරු පන්නිල. ගීතය සඳහා තාක්ෂණික සහාය TVT ආයතනයෙන්.
Presented By Lyca Productions Lanka

- අධ්‍යක්ෂ අශෝක හඳගම

Back to top
Go to bottom

Popular News