lan englan tam

පුවත්

ජස්ටින් බීබර් ආ අනන්ත් අම්බානිගේ සංගීත් උත්සවය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහයට පෙර උත්සවයට ලෝකයේ ධනවත්ම ව්‍යාපාර ජාල හිමිකරුවන් වන බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග් වැනි ධනවතුන් මීට පෙර සහභාගි වූ අතර මාස කිහිපයක් මුළුල්ලේ එයට අදාළ උත්සව පැවැත්වෙමින් තිබේ.

එහිදී ඔවුන්ගේ 'සංගීත්' උත්සවය පසුගිය සතියේ පැවැත්වුණ අතර ඒ සඳහා ජනප්‍රිය නළු නිළියන් ඇන්ද පැළැන්ද සියලු දේ අවධානයට ලක් වී තිබිණි.
එසේ වුවද මෙහිදී වඩාත් අවධානය ගත් සිදුවීමක් වූයේ කැනේඩියානු ජාතික ගායක ජස්ටින් බීබර් එම උත්සවයේ ගීත ගායනයට පැමිණ තිබීමයි.
ඉන්දියාවේ ධනවත්ම පවුලක් වන අම්බානි පවුලේ විශාලතම උත්සවය සඳහා එම පවුල මේ වන විට මාස ගණනක් සඳහා උත්සව පැවැත්වෙන අතර ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහ මංගල උත්සවය ජූලි 12 වැනිදා පැවැත්වීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News