lan englan tam

පුවත්

'ඩන්කි' ආදායම ඉන්දීය රුපියල් කෝටි 200ක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ෂාරුක් ඛාන් සහ තාප්සී පන්නු ප්‍රධාන චරිත රඟපෑ රාජ් කුමාර් හිරානිගේ චිත්‍රපටය 'ඩන්කි' ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායම් උපයා ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කරයි.

ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත රඟපෑ පසුගිය වසරේ එළිදැක්වූ පතාන්, ජවාන් යන චිත්‍රපට දෙකම බොක්ස් ඔෆීස් මෙන්ම විවිධ වාර්තා ගණනාවක් සමග ආදායම් ඉපැයූවද 'ඩන්කි' ඉලක්ක කළ ආදායමක් නොලද විවිධ තැන්වල පැවසිණි. කෙසේ නමුත්, එම වාර්තා අසත්‍ය කරමින් ෂාරුක් පසුගිය වසරේ සාර්ථකම නළුවා බවට පත් කිරීමට 'ඩන්කි' කෙරෙන්ද දායකත්වය ලැබී තිබේ.
ෂාරුක් සමග ප්‍රථම වරට යුගල හැටියට තාප්සී පන්නු රඟපෑ චිත්‍රප්ටයේ විකී කෞෂාල් සහ බර්මන් ඉරානි යනාදීන්ද රංගනයෙන් දායක විය.
චිත්‍රපටයේ රසවත් ගීත කිහිපයක් චිත්‍රපටයට පෙර එළිදැක්වීමට චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම විසින් කටයුතු කරනු ලැබූ අතර එහි 'ලුට් පුට් ගයා' ගීතය බෙහෙවින් ජනප්‍රිය විය.

Back to top
Go to bottom

Popular News