lan englan tam

පුවත්

ජනාධිපතිවරණය සහ හිරු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දේශපාලන සහ පක්ෂ දේශපාලනය මේ වන විට කතා නොකරම බැරි මාතෘකාවක් බවට පත් වී තිබෙන අතර කලාව සහ රසකාමීත්වය අරමුණු කරගත් රූපවාහිනී නාලිකා අතර දේශපාලන අනුග්‍රහය දැක්වීම් සහ තරඟයක්ද බෙහෙවින් දක්නට ලැබී තිබේ.

ඒ අතර හිරු නාලිකාවට මේ දිනවල අවධානය ලැබී ඇත්තේ ජනාධිපතිවරණ ඡන්ද වීමසීම ප්‍රකාශයට පත්කර තිබීයදී එම මාධ්‍ය ජාලය විසින් මැතිවරණ නීති දිගින් දිගටම උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබීමත් හේතුවෙනි.
ඒ අනුව ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද නිවේදනය කර ඇති අතර 2024 වසරේ ජූලි මස 26 වනදා නිකුත් කළ අංක 2394/57 දරණ ගැසට් පත්‍රයේ සඳහන් මාධ්‍ය උපමානවලට පටහැනිව විවිධ වැඩසටහන් විකාශය කරන බවට පැමිණිලි රාශියක් එම කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව පෙන්වා දී තිබේ.
- 2024.08.06. 2024 08.07 සහ 2024.08.08 (උදෑසන 6.25 පත්තරේ විස්තරේ) යන දිනයන්හීදී ඉදිරිපත් කරන ලද වැඩසටහන් අතරතුරදී අපහාසාත්මක අදහස් ප්‍රකාශ කිරීම.
- මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සඳහන් කරමින් මාධ්‍ය සදාචාරයට නොගැළපෙන හා දැඩි පක්ෂපාතිත්වයෙන් යුතුව එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයට අදහස් දැක්වීම.
- පොදු සංඛ්‍යාත සහ පොදු ගුවන් කාලයන් තුළ තමාට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම.
යනාදිය එසේ වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි.

Back to top
Go to bottom

Popular News