lan englan tam

පුවත්

අභිෂේකාගෙන් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ගායිකා අභිෂේකා විමලවීර පසුගියදා 'සපත්නීරෝෂයක්' ගීතය රචනා කර විශාරද නන්දා මාලිනිය සමග ගායනා කිරීමෙන් බෙහෙවින් ඇගයුමට ලක් වූවාය.
එහිදී අභිෂේකාගෙන් බොහෝ දෙනෙකු අසනු ලැබූ ප්‍රශ්න කිහිපයකට අභිෂේකා පිළිතුරු දෙමින් මෙසේ ප්‍රකාශ කර තිබිණි.

 හැමෝම අහන ප්රශ්න ටිකකට උත්තර ♥️

♥️කව්ද මේ රුක්මණී?
රාධා ,ක්රිෂ්ණා කියන්නේ පෙම්වතා හා පෙම්වතියයි.රුක්මණිය කියන්න ක්රිෂ්ණගේ පළමු බිරිද.සමහර තැන්වල රුක්මණී ක්රිෂ්ණාගේ ආධ්යාත්මික පෙම්වතිය කියලත් කියනවා..තව මතවාද ගණනාවකුත් තියෙනවා.
මේ රාධා ක්රිෂ්ණා සහ රුක්මණී ගැන ගැන ජනප්රවාදයේ එන එක කතාවක්
ක්රිෂ්ණා අසනීප වෙනවා..නොයෙක් වෙද්දු වෙදකම් කරනවා හරියන්නෙ නෑ. අන්තිමේ ඉන්න දක්ෂම වෙදදුරාව කැඳවනවා. වෙදදුරා ක්රිෂ්ණාව පරීක්ෂා කරලා කියනවා මේ ලෙඩේට එක බේතයි තියෙන්නෙ හැබැයි කරන්න අමාරුයි කියලා. රුක්මණී කියනවා සනීප වෙනවා නම් ඕන දෙයක් කරන්නම් කියලා.
එතකොට වෙදදුරා කියනවා ඒ බෙහෙත කරන්න ක්රිෂ්ණාට ආදරේ කරන නැත්නම් භක්තියක් තියෙන කෙනෙක්ගෙ කකුල් හෝදපු වතුර බොන්න දෙන්න ඕනා කියලා. රුක්මණී මේකට කැමැති වෙන්⁣නෙ නෑ. අනෙක් බිරින්දෑවරුත් මේකට කැමැති වෙන්නෙ නෑ. එයාලා කවුරුත් කැමැති නැහැ ශ්රී ක්රිෂ්ණාට තමුන්ගෙ කකුල් හෝදපු වතුර බොන්න දෙන්න. එයාලා දකින්නෙ ඒක මහා පාපයක් විදියට.
පස්සෙ වෙදදුරා යනවා බ්රින්දාවනයේ රාධා හම්බවෙන්න. ගිහිල්ලා විස්තරේ කිව්ව ගමන් ම රාධා තමුන්ගෙ කකුල හෝදලා වතුර දෙනවා වෙදදුරාට. මේක කරද්දී වෙදදුරා විස්තර කරනවා ඒ වැඩේ බරපතල කම. ඒක මහා පවක් කියලා. රාධා කියනවා ශ්රී ක්රිෂ්ණාගේ ජීවිතේ තරම් එයාට කිසි දෙයක් වටින්නෙ නෑ, ඒ නිසා කිසිම පවක් ගැන එයා හිතන්නෙ නෑ කියලා.
වෙදදුරාගෙන් මේ කතාව රුක්මණීත් දැන ගන්නවා.
ඉතින් මේ කතාව ඇතුලෙ අපිට පේනවා රුක්මණීයි රාධායි අතර තියෙන වෙනස. රුක්මණී කියන්නෙ ක්රිෂ්ණා ගේ විවාහක බිරිඳ. එයාගෙ ආදරේ ඇවිල්ලා ඒ වෛවාහක බැඳීම් ඇතුලෙ ගලාගෙන යුතුකම් වගකීම් එක්ක තියෙන ආදරයක්.
එතකොට රාධා, රාධා ක්රිෂ්ණා එක්ක තියෙන ආදරේ විවාහයෙන් පිට ආදරයක්.
හැබැයි බැඳීම ඇතුලෙ ⁣විවාහයෙන් තියෙන යුතුකම් වගකීම් නැහැ. සරලවම ගත්තම රාධාගේ ආදරය සීමා බැඳීම් නැති ආදරයක්.
ඉතින් මෙන්න මේ අසීමිත ආදරය තමයි රාධා - ක්රිෂ්ණා පෙම් කතාව රුක්මණී - ක්රිෂ්ණා පෙම් කතාවට වඩා ජනප්රිය වෙන්න මූලික හේතුව.
හැබැයි ජනප්රවාද කතාවල එහෙම කිව්වත් බිරිදකගේ ප්රේමය පාරිශුද්ධයි.පතිනියගේ සහ ස්වාමියෙකුගේ කතාව ජනප්රිය නොවුණට ඒ බැදීම පිවිතුරුයි.ඒ නිසයි මෙහෙම ලියන්නේ...
"රාධා ක්රිෂ්ණා කියා ලීවාට ඉතිහාසෙ-ක්රිෂ්ණගේ පණ තිබුණෙ රුක්මණියගේ දෑසෙ " කියලා..
මේ කතාවේ සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න පුලුවන්. 👇
♥️Take Care නාට්යයේ තුන්පත් රෑන කවුද?
බොහෝ අය හිතන්නේ තුන්පත් රෑන කියන්නේ මව, පියා සහ පැටවා බවයි.එය වැරදි අදහසක්.
තුන්පත් රෑනක ඉන්නේ පැටවා ,වැඩිමහල් සහෝදරිය සහ මව් ඇතින්නයි.පියෙක් තුන්පත් රෑනේ නැහැ.
තමන්ගේ ස්වාමි පුරුෂයා ගේ දරුවෙක් වෙනත් ගැහැනියකගේ කුසේ හුස්ම ගන්නා බව දැන ගන්නා කිසිම බිරිදක් අසේනි ගත් තීරණය ගනීවිද?
දරුවන් ලබන්නට ඇයට වරම් නැති වුවත් එය ගල් හිතකට ගත හැකි විරල තීරණයක්.තමාගේ නිවසට ස්වාමි පුරුෂයාගේ පෙම්වතිය
රැගෙන එන්නේ ස්වාමියාගේද දැඩි විරුද්ධත්වය මතයි..
දරුවා රැක බලා ගන්නට ඇය පොරොන්දු වෙනවා..
නමුත් ටික දිනක් ගතවනවිට සපත්නීරෝෂය ප්රබල වෙනවා..වාසල තවමත් පෙම්වතියට පෙම් කරන බව සිතන ඇය මේනකාට ඊර්ෂ්යා කරන්නට පටන් ගන්නවා...
මේනකාගේ කොටසේදී තුන්පතේ රෑනකට පියසමර කුමකටද කියා ඈ අසන්නේම තුන්පත් රෑනක පියෙක් නැති නිසා...
එහි සිටින්නේ ඇතින්න සහ පැටවා පමණයි.එනම්
මේනකා සහ දරුවා පමණයි. සරණට සහෝදරියක්වත් නැහැ...
"දෙපත් රෑනක් කළේ සාපයයි රුවේ". මේනකා මෙහෙම කියන්නෙ
මේ තරම් වැරැද්දක් කරලත් විශ්වාස කරලා සහෝදරියක් වගේ හිතලා තමන්ගේ ගේ ඇතුළට ගත්තට පස්සෙත් මේනකාගේ රුවේ සාපය නැවත තමන්ගෙ සැමියාව උදුරගන්න හදන බව හිතුණු නිසා..
"උඹ දරුවෙක් එක්ක තනිවුණු ගෑනියෙක්.එහෙම වුණේ උඹ කළ වරද නිසා.රුවේ සාපය නිසා..
ඒ රෑනේ උඹට සහයට කවුරුත් නැහැ.දෙපත් රෑනක ඉන්නෙත් මව සහ පැටවා පමණයි.
ඒ වගේම ඇතැම් රටවල මතයට අනුව මේ තුන්පත් රෑනේ Elephant Trio යන්නට මව , මවගේ පළමු මුරයේ ගැහැනු දරුවා සහ දෙවන මුරයේ ගැහැනු හෝ පිරිමි දරුවා ඇතුළත් වන බව මෙන්ම තවත් මතයක් පල කරනවා.එනම් තනි ඇතින්නකට එක් පැටියෙක් පමණක් සිටින අවස්ථාවල ඒ අම්මාගේම දරුවෙක් නොවුණ නමුත් ගැහැනු ඇතින්නක් රෑනට දරුවා රැක බලා ගැනීමට සහය වීමට රෑනට සම්බන්ධ වන බව...
ඒ අර්ථයෙන් ගත්තත් මේනකාට තමන්ගේ මවවත් නැහැ.නැවත එය දෙපත් රෑනක්ම වෙනවා..
මේ අවස්ථා දෙකම අසේනි මේනකා හා දරුවාගේ ගේ බැදීමට උපමා කළ හැකියි...
♥️සපත්නීරෝෂය ?
සපත්නීරෝෂය යනු සරලවම සමාන භාර්යාවන් අතර ඇති වන කේන්තියයි.ඒ නිසා හට ගන්නා ඊර්ෂ්යාවයි..ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් මා කළ video එකේ සදහන්.මෙය ජාතක කතා පොතෙන් හමුවූ වචනයක්.එ ඡද්දන්ත නම් ඇතා පදනම් කරගෙන ඇතින්නියන් දෙදෙනෙකු අතර ඇතිවන කතාවක්.ඒ අනුව ගීතයේ බොහෝ තැන් ඇතුන් සම්බන්ධ කරගෙන ලියැවී තියෙනවා.
♥️පිය සමර?
පියා ස්මරණය කිරීම
පියා සිහි කිරීම
ප්රිය වූ ස්මරණය කියන අර්ථ තුනම ගන්න පුළුවන්.නාට්යට අදාලව පළමු අදහස් දෙක වඩා නිවැරදි වෙනවා
බොහෝ අය මේ ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි නිසා මේ සටහන ලියන්නට හිතුණා..
අභී..
Back to top
Go to bottom

Popular News