lan englan tam

පුවත්

ඔයාගේ ටෝන් එක හරි නෑ; ජයා බච්චන්ගේ ඉවසීම බිඳෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය රාජ්‍ය සභාවේ මුලසුන හොබවන ජගදීප් දන්කර් මහාතා සහ ඉන්දීය සිනමාවේ නොමැකෙන සලකුණක් වන ඉන්දියාවේ සමාජවදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ජයා බච්චන් අතර මතභේදාත්මක සංවාදයක් මීට දින කිහිපයකට පෙර ඇති වී තිබූ අතර ඒ පිළිබඳව බෙහෙවින් මාධ්‍ය අවධානයට ලක් වී තිබිණි.
සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනියක වන ජයා බච්චන් විසින් මුලසුන හෙබවූ ජගදීප් මහතා වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරන ලද අතර එසේ සිදුව තිබුණේ මුලසුන හෙබවූ ජගදීප් ධන්කර් මහතා විසින් ජයාගේ කතා වාරයේදී "ජයා අමිතාබ් බච්චන්" යනුවෙන් ආමාන්ත්‍රණය කර තිබීම වේ. ඒ පිළිබඳව 'හින්දුස්ථාන් ටයිම්ස්' සම්පූර්ණයෙන් වාර්තා කර තිබූ අතර ජයාගේ දේශපාලන චරිතය නිළියක ලෙස විවේචනයට ලක් වුවද මන්ත්‍රිනියක ලෙස එසේ සිදු නොවන්නකි.

ජයාගේ ප්‍රකාශය මෙසේය.
"මහත්මයාණෙනි, මම ජයා අමිතාබ් බච්චන්. ශරීර භාෂාව, මුහුණේ අදහස් තේරුම්ගන්න පුළුවන්. නමුත්, සමාවන්න ඔබගේ ආමන්ත්‍රණය පිළිගත නොහැකියි. අපි මිතුරන්. ඔබ යම් අසුනක සිටිනවා විය හැකියි...."

"ජයා නෝනා. නිළියක් කියන්නේ අධ්‍යක්ෂවරයකුගේ විෂයක්. මට මෙතන ඉඳන් පෙනෙන දේ ඔබට පෙනෙන්නේ නෑ. සෑම දිනකම මම නැවත නැවතත් කියන්න ඕන නෑ. මම මාර්ගයෙන් පිට කටයුතු කරන කෙනෙක්. ඔබ කියන්නේ 'මගේ ටෝන් එක'. කවුරුන් වුවත්, තරුවක් වුණත් ඔබ තේරුම්ගත යුතුයි. මම එය දරාගන්නේ නෑ. ඔබට කවදාවත් වෘත්තීය හැඟීමක් තිබුණේ නෑ. ඉහළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට පුළුවන්ද මේ මුලසුනේ තත්ත්වය පහළට ගෙනෙන්න? ඔව්. තත්ත්වය බලා ගැනීමට මට මැතිවරණ හැඟීමක් තිබිය යුතුයි. මම අනිත් අයගේ පිටපත්වලට වැඩ කරන්නේ නෑ. මට මගේ පිටපතක් තියෙනවා. කිසිවක් සිදු වෙන්නේ නෑ." යනුවෙන් ජගදීප් ධන්කර් ජයාට පවසයි.

ජයා මීට පෙරද මෑතදී ඇයව සිය සැමියාගේ සම්පූර්ණ නම නැතිව ඔහුගේ අවසන් නම සමග අමතන ලෙසද සභාවට දැනුම් දී තිබුණද මෙම සිදුවීම හේතුවෙන් එය මුලසුන හෙබවූ තැනැත්තාගේ වරදක් ලෙස පෙන්වා දෙමින් ජාතික තලයේ සාකච්ඡාද ආරම්භ වී තිබේ.

Back to top
Go to bottom

Popular News