lan englan tam

පුවත්

ලේ පෙරාගෙන 'ගර්බා' නටපු දීපිකා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
"මගේ සාර්ථකත්වයට හේතුව මගේ පරිත්යාගය සහ කැපවීම" මෙහෙම කියන්නේ මේ වෙද්දි බොලිවුඩයේ ඉහළම තැනක ඉන්න දීපිකා පදුකෝන්. 'දීපිකා' නම ඇගේ පළවෙනි බොලිවුඩ් චිත්රපටිය වුණ Om Shanthi Om හරහා මං දැනගන්නකොට මට මුලින්ම හිතුණ දෙයක් තමයි 'දීපිකා' වගේ ටිපිකල් නමක් තියෙන කෙනෙක් බොලිවුඩ්වල හිට් වෙයිද කියලා. මොකද ඔය කාරණේ නිසාම තමන්ගෙ උපන් නම් වෙනස් කරගෙන ඉන්න නිළියො ඕනතරම් බොලිවුඩයේ ඉන්නවා. හබැයි තමන්ගෙ පළවෙනි චිත්රපටියම ශාරුක් ඛාන් වගේ දැවැන්තයෙක් එක්ක රඟපාන්න ඇය බෙහෙවින්ම වාසනාවන්ත වුණා වගේම එදා මගේ සිතුවිල්ල හුදෙක් සිතුවිල්ලක්ම විතරක් කරමින් ඇය මේ වෙද්දි ඇයට කලින් බොලිවුඩයට පය තියපු නිළියන් පවා අභිබවා ගිහින් තියෙනවා. ඒ ඇයගේ කැපවීම සහ පරිත්යාගයන් නිසා.
මෙහෙම ඇය චිත්රපටියක් වෙනුවෙන් කළ කැපකිරීමක් ගැන හරි ආඩම්බරෙන් කතා කරන්නෙ ඇගේ ආදරණීය සැමියා රන්වීර් සිං. දීපිකාගේ ප්රසිද්ධ කියමනක් තමයි "මතකයන් හරියට රසකැවිලිවලින් පිරුණ පෙට්ටියක් වගේ. අපි ඒ පෙට්ටිය ඇරියොත් එක රසකැවිල්ලක් විතරක් කාලා නවතින්නෙ නෑ."
ඉතින් දීපිකාගේ ඒ මතක රසකැවිලි පෙට්ටියට එකතු වෙච්චි වටිනාම මතකයක් තමයි රන්වීර් මේ විදිහට එළි කරලා තිබුණේ. ඒ 2013 ආපු Ram Leela චිත්රපටියේ එන '𝐍𝐚𝐠𝐚𝐝𝐚 𝐒𝐚𝐧𝐝 𝐃𝐨𝐥' ගීතයට නර්ථනයේ යෙදෙන අතරේ දීපිකා මුහුණ දීපු ⁣වේදනාත්මක අත්දැකීමක්.
ගුජරාටි රසයෙන් පිරුණ මේ ගීතයේ ගර්බා නර්ථනය වෙනුවෙන් දීපිකා සැරසිලා තිබුණේ රතු පැහැ ලෙහෙන්ගා චෝලියකින්.
අංජු මෝදි විසින් නිර්මාණය කරපු මේ ලෙහෙන්ගා එකේ බර කිලෝග්රෑම් 30ක්. මේ ඇඳුමත් ඇඳගෙන පැය කිහිපයක්ම දීපිකා හරිම ලස්සන ප්රභල නර්ථනයක යෙදෙන්නේ නිරුවත් දෙපයින්. කොච්චර වෙලාවක් මේ ගීතයේ රූගතකිරීම් කළාද කියනවනම් දීපිකාගෙ කකු⁣ල් දෙකේ ඇඟිලි තුවාල වෙලා ලේ ගලනකල්ම නර්ථනයේ යෙදුණයි කියලා රන්වීර් කියනවා. නර්ථනය අවසානයේ ඇගේ ඇඟිලි බෑන්ඩේජ්වලින් වෙලුවත් ඒ තුළිනුත් ලේ ගලා ගිය බව රන්වීර් කියලා තිබුණේ තමන්ගෙ බිරිඳ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැන ප්රශංසා කරමිනුයි.
කිලෝ 30ක ඇඳුමකුත් ඇඳගෙන කකුල් පවා තුවාල කරන් අපූරු නර්ථනයක යෙදුණ දීපිකාගේ නර්ථන කුසලතාව විශේෂ පැසසුමකට ලක්වුණ ගීතයක් විදිහට Naga Sang Dol හඳුන්වන්න පුළුවන්. කකුල් විතරක් නෙවේ ලෙහෙන්ගා ජැකට්ටුවේ පටිවලට ඇගේ පිටත් තුවාල වී තිබුණා.
ලීලා වෙනුවෙන් බන්සාලිගේ පළමු තේරීම වෙලා තිබුණේ කරීනා කපූර්. නමුත් ලීලාගේ චරිතයේ ස්වභාවයට කරීනා කැමති වෙලා තිබුණේ නැති නිසා එය දීපිකාට හිමිවුණා. මට මතකයි රාම් ලීලා එකටත් දීපිකා - රන්වීර්වම ගත්තු එකට ඒ කාලෙ බන්සාලිට මිනිස්සු බැනපු බැනුම්.
සමහරවිට දීපිකා වෙනුවට කරීනා හිටියනම් ඒ පැසසුම් වෙනස් වෙන්නටත් ඉඩ තිබුණා. ඇගේ පළමු චිත්රපටිය වුණ Om Shanthi Om ඉඳන්ම දීපිකා කියන්නෙ බොලිවුඩයේ ගවුගණන් දුරට අඩිය තියමින් යන නිළි රැජිණක්. ඒක හේතුව ආයෙත් කියන්නම්... 'කැපකිරීම් සහ පරිත්යාග' ❤
 
එරන්දි කෞෂල්‍යා - The Cinema People
Back to top
Go to bottom

Popular News