lan englan tam

පුවත්

සෆීර්ගේ 'මම නෙමෙයි' චිත‍්‍රපටයට ශිම්ලාහි සම්මානයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප‍්‍රකට සම්මානනීය නාට්‍යකරුවෙකු වන එම්. සෆීර් පළමු වරට අධ්‍යක්ෂණය කල ‘මම නෙමෙයි’ චිත‍්‍රපයට ඉන්දියාවේ, දසවන වරට පැවැත්වූ සිම්ලා ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේදී වෘතාන්ත අංශයේ ජුරියේ විශේෂ සම්මානය පිරිනමා ඇත.

මෙම චිත‍්‍රපටයේ රංගනයෙන් දිල්හාන් ඒකනායක සහ සංජීව උපේන්ද්‍ර දායක වෙති.
සිම්ලා ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල සඳහා අවසන් වටය වෘතාන්ත චිත‍්‍රපට 24ක් තෝරාගෙන ඇති අතර එම අවසන් චිත‍්‍රපට සඳහා ප‍්‍රංශය, ඉන්දියාව, ඉරානය, ආදි රටවල චිත‍්‍රපට ඇතුලත් වී ඇත.
'මම නෙමෙයි' චිත‍්‍රපට පසුගිය 2023 වසරේදී කොස්තරිකා රාජ්‍යයේ පැවැති සෙන් ජෝස් ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේදී හොඳම පර්යේණාත්මක චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වී ඇත.
'මම නෙමෙයි' මේ වන විට ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල 08ක් නියෝජනය කර ඇත.
මෙම චිත‍්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා ඇත්තේ මහීල් මධුසංක, තරිඳු ඉලේපෙරුම, සම්පත් රාජපක්ෂ, සුජීව පතිනිසේකර සහ නිරෝෂ් කවිරත්නය යන අය වේ.
සෆීර්ගේ 'ඉන්ටර් ඇක්ට් ආර්ට්' නාට්‍ය ආයතනයේ ඉදිරිපත් කිරීමකි.

Back to top
Go to bottom

Popular News