lan englan tam

පුවත්

'චරන්දාස්' ඔරිජිනල් නරඹන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල විසින් නිර්මාණය කරන ලද 'චරන්දාස්' නාට්‍යයේ ඉන්දියානු නාට්‍යය 'චරන්දාස් චෝර්' නැරඹීමේ අවස්ථාව වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයාට උදා වී තිබේ.

ඉන්දියානු නාට්‍යවේදී හබීබ් තන්වීර්ගේ "චරන්දාස් චෝර්" අගෝස්තු 31 වැනි සෙනසුරාදා රාත්‍රී 07ට සුදර්ශි එළිමහන් රංග පීඨයේදී සුදර්ශී පාලක මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ඇතිව රඟදැක්වීමට නියමිතය.
ප්‍රවේශපත් අලෙවියක් සිදු නොවී නොමිලේ පවත්වන මෙම නාට්‍ය දර්ශනය ජම්මු-කාශ්මීර් නාට්‍ය කණ්ඩායමක් වන "නූතන් ප්‍රයාස් මන්ච්" විසින් රඟ දක්වනු ලබයි.
නාට්‍ය අධ්‍යක්ෂණය අනුරූප් පතානියා කියන තරුණ කාශ්මීර අධ්‍යක්ෂවරයා විසින් සිදු කරනු ලබයි.

Back to top
Go to bottom

Popular News