ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයකු ලෙස කටයුතු කරන ජාත්‍යන්තර සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සහ රංගන ශිල්පී ජගත් මනුවර්ණ අද (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතය.
සමගි ජන බලවේගයේ සාමාජිකයින් විසින් තමන් වෙත අභූත චෝදනා එල්ල කරනු ලබන බවත් ඒ සම්බන්ධයෙන් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත් රංගන ශිල්පියා පියවර ගෙන තිබේ.