lan englan tam

පුවත්

හද ඇවිලූ 'එය වසන්තය නොවේ'!!!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔබ ඇවිත් ගිය මගක පියවර ළකුණු නොසොයමි
තව දුරක් එක්ව යන්නට බැරි කරුණු සොයනෙමි
එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී
යළි මතක නැති නොවන ලෙස මම සුවඳ විඳගමි...

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලි ලත් මාලනී ෆොන්සේකා සහ ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න චරිත නිරූපණයෙන් දායක වූ චාපා ජයරුක් ගායනා කරන 'එය වසන්තය නොවේ' ගීතය බොහෝ දෙනාගේ නෙතට කඳුළක් එක් කරන රූප රචනාවක් සහිත ගීතයක් වී තිබිණි.
හිමාලි වීරක්කොඩි විසින් පද රචනා කරනු ලැබූ ගීතයේ තනු සහ සංගීතය මහේශ් විතාන විසින් නිර්මාණය කරනු ලැබ තිබිණි. බොහෝ දෙනෙකු සංවේදී වූ රූප රචනාව ප්‍රමෝද් රත්නායක විසින් නිර්මාණය කරනු ලැබ ඇත.

ඔබ ඇවිත් ගිය මගක පියවර ළකුණු
නොසොයමි
තව දුරක් එක්ව යන්නට බැරි කරුණු
සොයනෙමි
එය වසන්තය නොවේ එකමෙක මලක්
බව දැනී
යළි මතක නැති නොවන ලෙස මම සුවඳ
විඳගමි...

රළ බිඳෙයි හෙටත් වෙරලක
නුඹ ලඟක නැතියෙනි
හිත බිඳී යන්න නොම දී
යලි යලි හදාගමි...

හමුවන්න යැයි සසර නොකියන
කරුණු ඇතියෙනි
මතු මතුත් හමුවුනෝතින්
ආදරෙයි නොකියමි....

Back to top
Go to bottom

Popular News