21 වැනි වරටත් සංවිධානය කළ “වර්ල්ඩ් බොඩිපේන්ටින්ග් ෆෙස්ටිවල්” ඔස්ට්‍රියාවේ ක්ලැගන්ෆර්ට් හිදී පසුගියදා පැවැත්වුණි.
1998 ඇරඹුණු මෙම උළෙල සඳහා මේ වනවිට රටවල් 50 කින් පමණ කලාශිල්පීහු සහභාගී වෙති.
අංශ 12 ක් ආවරණය වන අයුරින් සම්මාන පිරිනැමීමද මෙහි දී සිදු කෙරේ.
එසේම සිරුරු වර්ණ ගැන්වීමේ කලාව උදෙසා, ඡායාරූප කලාව උදෙසා ද එහිදී විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර තිබේ.
සිය පින්සල් තුඩු අවිය කරගත් කලා ශිල්පින් නිරූපන ශිල්පින්ගේ කැන්වස් සිරුරු විනිවිද යවමින් වර්ණ රටා පොවන අයුරු කැමරා කාචයේ සටහන් වි තිබුනේ මෙලෙසිනි.
https://casite-737679.cloudaccess.net/life/fashion/3585-world-bodypainting-festival#sigProId0fcf5d0bbc
ඡායා: BBC වෙබ් අඩවියෙන්