ආචාර්ය සෝමරත්න දිසානායක ගේ අලුත්ම සිනමා නිර්මාණය වන ‘කපුටු කොහෝ’ චිත්‍රපටය මාර්තු 27 වනදා සිට දිවයින පුරා සිනමාශාලා වල තිරගත වීමට නියමිතයි.
සිනමාව සහ වේදිකාව සම්මිශ්‍රණය කරමින් කෙරෙන අලුත් අකාරයක නිර්මාණාත්මක වෑයමක් වන මෙය මගින් සිනමාශාලාවක අසුන් ගෙන පුළුල් තිරය මත හොඳ වේදිකා නාට්‍යක් බලන අකාරයක නවමු අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට සමත්.
‘කපුටු කොහෝ’ චිත්‍රපටයේ අනෙක් විශේෂම සාධකය වන්නේ මෙම චිත්‍රපටයේ සංගීතය හා ගීතයි. සියළුම ගීත නිර්මාණය කර තිබෙන්නේ ජන සංගීත නාද රටා පාදක කර ගෙන වන අතර ජන සංගීත නාද රටා ආශ්‍රිතව නිර්මාණය වන ගීත 27 ක් මෙහි තිබෙනවා. දේශීය නර්ථන රටා අනුව නිර්මාණය වන නැටුම් ද මෙහි අන්තර්ගත වෙනවා.
සිංහබාහු චිත්‍රපටයෙන් සිනමාවට එන අළුත්ම සිනමා තාරකාව අබිලාශී, රැජිනට ඇදපු අමන්ද්‍යා, ඉරෙන් හදෙන් ආපු හර්ෂණ, පුංචි ගායන තාරකාවී සිහේලි, පුංචි නර්ථන තාරකාව රදීන් ඇතුළු හදුන්වා දෙන තවත් දක්ශ පිරිසක් මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙනවා.
වැඩිහිටි, ළමා හැමෝටම එක විදිහට රස විදින්න පුළුවන් විදිහට තමයි මේ නිර්මාණය සකස් කරළා තියෙන්නේ.