lan englan tam

පුවත්

මෙරට සිනමාවෙන් දකුණු ඉන්දීය සිනමාවට වරම් දිනාගත් මිෂෙල් දිල්හාරා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මිෂෙල් දිල්හාරා කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් එක වගේ දස්කම් පෙන්වන දක්ෂ රංගන ශිල්පිනියක්.


ඇය රංගනයෙන් දායක වන පළමු දමිළ චිත්‍රපටය වන ‘අදිරන්’ (Adhiran) චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් උනා ඔබට මතක ඇති.
අලුත්ම ආරංචිය තමයි, මිෂෙල් දිල්හාරාට මේ සමගම දකුණු ඉන්දීය චිත්‍රපටයකට රංගනයෙන් එක්වෙන්නත් අවස්ථාව උදා වෙලා තියනවා. ඒ අලුත්ම දකුණු ඉන්දීය සිනමා නිර්මාණයක් වන ‘බයිලා’ (‘Baila’) චිත්‍රපටයේ.


මෙහි මුහුරත් උළෙල පසුගියදා, ඉන්දියාවේ රාමේෂ්වරම් හීදී පැවැත් උනා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන k. වීර්කුමාර් විසින්.
ප්‍රවීණ කොලිවුඩ් නළු සමුතිරකානි , රම්‍යා නම්බීසන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර මිෂෙල් විසින් මෙහි උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන බවයි සඳහන් වෙන්නෙ. මොවුන්ට අමතරව යෝගී බාබු, ඉලවරසු, සිංගම්පුලි, මධුමිතා වැනි නළු නිළි කණ්ඩයක් රංගනයෙන් දායක වීමට නියමිතයි.

එමෙන්ම මේ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය සදහා ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහට අවස්ථාව හිමි වෙලා තියනවා. ඒ වගේම ;බයිලා’ සිනමාපටයේ ගී පද රචනය සිදු කරන්නේ ඉන්දියාව පුරා ජනප්‍රිය ලාංකීය පද රචකයෙකු වන පොතුවිල් අස්මින් විසින්.

Back to top
Go to bottom