පසුගිය කාලයේ ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වූ ‘Take care’ ටෙලි නාට්‍යයේ ‘අසේනිගේ’ චරිතය නිරූපණය කළ ජනප්‍රිය නිළි රෙබෙකා දිල්රුක්ශි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානයට නිර්දේශ නොවීම බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුනා.
කෙසේ වෙතත් ඇය මෙවර සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූවා. ඒ ‘අසේනිගේ’චරිතය වෙනුවෙන් රෙබෙකාට ජූරියේ විශේෂ සම්මානයක් හිමි වීමත් සමගයි.
මේ ඇය මෙම සම්මානය පිළිබඳව සිය ප්‍රණාමය පළ කරමින් මුහුණු පොතේ තැබූ සටහනකි.
“අපිත් එක්ක මොනතරම් අසේනිලා ඉන්නවද කියලා පෙන්නුවෙ මේ අසේනි කියන චරිතෙ.
මේ සම්මානෙ දුන්න Raigam Tele’es ජූරියටත්, මේ උළෙල ලස්සනට සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයටත්, අසේනි චරිතෙට ඇත්ත වටිනාකමක් දුන්න ප්‍රේක්ෂක ඔබටත් ගොඩක් ස්තූතියි. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉඩක් දිනාගන්න ලැබුන එක තමයි ලොකුම ජයග්‍රහණය!
මටත් වඩා මාව විස්වාස කරලා මේ වැඩේට ගත්ත අධ්‍යක්ෂකතුමා Anushaka Rasanjana De Silva
අසේනි චරිතය පරිස්සමෙන් ගොඩනගන්න උදව් කරපු
Saranga Disasekara අයියාDinakshie Priyasad අක්කා,
ඕනම වෙලාවක අපිත් එක්ක සහ වැඩෙත් එක්ක හිටපු Winsitha Wineth Kumarapeli ඇතුළු Take Care කණ්ඩායමේ ඔයාලා හැමෝටම බොහොම ස්තූති ආදරෙයි .
ඒ වගේම බය නැතුව තීන්දු අරගෙන Take Care එකට ලොකු සහයක් දුන්න ITN හිටපු සභාපති Surarshana Gunawardhana මහතා ඇතුළු ITN කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තූති.
Take Care සහ අසේනි වෙනුවෙන් ඔයාලා කතා කරපු හැම වචනෙකටම, ලියපු හැම අකුරකටම වටිනාකමක් මේ සම්මානෙත් එක්ක ඔයාලටත් ලැබෙනවා. අඩුපාඩු තියනව නම් කියලා දෙන්න... අපි හිමින් හිමින් පරිස්සමෙන් දුර ගමනක් යමු... ඉතිං... ආදරෙයි නම් පරිස්සම් කරගන්න... Take Care