ඉලංගෝ රාම්ගේ ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටිය මේ දවස්වල ඉතාම සාර්ථකව දිවයින පුරාම තිරගත වෙනවා.මේ ච්ත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොම ඉහළයි.
ඉතින්, මේ චිත්‍රපටය නරඹපු බොහෝ ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටය ගැන අදහස් පළ කරලා තිබුණා. සමාජ මාධ්‍ය තුළත් මේ ගැන විචාර, අදහස් බොහොමයක් පළ වෙලා තිබුණා.
මේ, සිනමා අධ්‍යක්ෂක අශෝක හඳගම විසින් ඉලංගෝගෙ මේ Black Comedy ය ගැන තබපු සටහනක්,
(උපුටා ගැනීම)“ලංකාවෙ බහුතර මිනිස්සු වයසට යනවා කියන්නේ හුදෙකලාව වෙතට තල්ලු වෙනවා කියන එකට. පැරණි තිබිච්ච සමාජ සම්බන්ධකම් නැති වෙලා තනි වෙන එකට. එහෙම අය බොහෝ වෙලාවට තල්ලු වෙන්නේ පන්සල්, පල්ලි, කෝවිල් වගේ ආගමික නවාතැන් පොළවලට. නැත්නම් ළමයින්ගේ ළමයි එක්ක ආයෙත් පොඩි කාලෙට. ඒ අය එක්ක සෙල්ලම් කරනවා. ඉස්කෝලෙ යනවා. ඉස්කෝලෙ ඇරෙනකම් ගේට්ටුව ලඟට වෙලා බලා ඉන්නවා. දවස ගෙවා ගන්නේ ඔය වගේ.
ජීවිතය විඳින පරිච්ඡේදය ඉවර කරලා විඳවන පරිච්ඡේදයට ඇතුල් වෙනවා. එක්තරා ඉමකින් පස්සේ ජීවිතය අතහරිනවා. මේ ආත්මයට ආයුබෝවන් කියලා ඊලඟ ආත්මය සුඛිත මුදිත කරගන්න හැටියක් ගැන බලනව. මේ ගැන කතා කරන එක වේදනාකාරී වැඩක්.
Black comedy එකක් කියන්නේ සාමාන්‍යයෙන් වේදනාකාරී එහෙම නැත්නම් සීරියස් විෂයක් බොහොම සැහැල්ලුවට ගෙන හාස්‍යජනක විදිහට කතා කරන නාට්‍යයක්, චිත්‍රපටියක් හෝ වෙනත් (කලා) කෘතියක්. නෙළුම් කුළුණ කියන්නේ එහෙම ඛේදාන්තයක් ගැන සාකච්ඡා කෙරෙන චිත්‍රපටියක්.
ලංකාවේ වැඩිහිටියෝ සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි බලන්න යන්නේ කලාතුරකින්. ඒවා බැලුවාම තමන් විතරක් නෙවෙයි තමන්ගේ ළමයිනුත් නරක් වෙනව කියලයි හිතන් ඉන්නේ. (මගේ සිනමාව මේකෙන් ඇති තරම් බැටකාපු එකක් ) නෙළුම් කුළුණ අපේ සිනමාවේ තියෙන මේ ටැබූ (taboo) එකට පහර දෙනවා. ඒක නරඹන්න ප්‍රේක්ෂකයින් ඇදෙනවා. ඒ අය හිනා වෙවී වැඩිහිටි විෂයක් (මැරුණත් හැකිලෙන්නේ නැති සෘජු උන පුරුෂලිංගයක් ) දිහා බලාගෙන ඉන්නවා.
ඒකම විතරක් උනත් ඇති මේ චිත්‍රපටිය අපේ සිනමාවේ වැදගත් ලෙස සලකුණු වෙන්න."
(අශෝක හඳගමගේ මුහුණු පොත ඇසුරිනි)