lan englan tam

පුවත්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානය’ චිත්‍රපටය ප්‍රදර්ශනයක් (අප්‍රේල් 02)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ ‘නිධානය’ චිත්‍රපටය ප්‍රදර්ශනයක් 2025 අප්‍රේල් 02 වන දින සවස 6.00 ට කොළඹ 07, Goethe-Institut ආයතනයේදී පැවැත්වෙනවා.


20513f84 7ca8 46fb 9740 3b58054e4982
ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ජන්ම සැමරුම යෙදෙන අප්‍රේල් මාසයේ ඔහුගේ ජීවිතය හා සිනමා කෘති සිහිපත් කරමිනුයි ‘නිධානය’චිත්‍රපටය ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ. චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසි සහිතව ප්‍රදර්ශනය කෙරෙනවා.

95f161f6 7565 43c1 9a25 8c2ae4ca10b1
1972 වර්ෂයේ දී තිරගත වූ ‘නිධානය’ චිත්‍රපටය 1972 ‘Venice’ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ‘Silver Lion’ සම්මානය සම්මානය දිනා ගැනීමට සමත් වූවා. එමෙන්ම මෙම චිත්‍රපටය 1997 වර්ෂයේ රාජ්‍ය කමිටුවක් විසින් තෝරනු ලැබූ ශ්‍රී ලාංකීය සිනමාවේ පළමු වසර 50 තුළ තිරගතවූ හොඳම චිත්‍රපට දහය අතුරින් පළමු ස්ථානය හිමිකරත් චිත්‍රපටය වනවා.

90d17fcc 5f03 4b67 a2c3 ff6b51dace1c
ඔබ සැමට මෙම අවස්ථාව සමග එක් විය හැකියි.

Back to top
Go to bottom