මෙවර (2024) , Raigam Tele’es සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනයට හිමි සම්මානය ලැබුනේ ලක්ෂාන් වාත්තුහේවා හටයි.
ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘බැක්සයිඩ්’ ටෙලිනාට්‍යට ඔහු නිර්මාණය කළ ‘මල් කැකුලකට විස දෙබරෙක් ඇන්නා’ ගීතය වෙනුවෙනි.
ඔහු මෙම සම්මානය දිනා ගැනීමත් සමගම බොහෝ දෙනෙක් ඔහු කවුද කියලා දැනගන්න උනන්දු වෙලා තිබුණා.
මේ සමඟ, ලක්ෂාන් මීට වසර ගණනාවකට කළින් ළමා නළුවෙක් විදිහට රංගනයෙන් එකතු වෙච්ච ටෙලි නාට්‍යයක ඔහුගේ ඡායාරූප කිහිපයකුත් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වෙලා තිබෙනවා.
මේ ටෙලි නාට්‍යයේ නම තමයි ‘පුංචි වීරයෝ’.
2001 වසරේදි ජාතික රූපවාහිනී සේවයේ විකාශය උන මේ ‘පුංචි වීරයෝ’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ චන්න පෙරේරා.
ඉතින් , ලක්ෂාන් ගැන මේ මතකය බොහෝ දෙනෙක්ව තමන්ගේ අතීත මතකයන්ට ගෙනියනවා නොඅනුමානයි.
ලක්ෂාන් ගැන කියනවානම් අද වෙන කොට ඔහු තිරරචකයෙක්, ගීතරචකයෙක්, කථිකාචාර්ය වරයෙක් වගේ ම නළුවෙක් විදිහටත් කටයුතු කරනවා දැකගන්න පුළුවන්.
ඔහුට මෙවර හොඳම ගීත රචනයට සම්මානය හිමිවෙච්ච ‘බැක්සයිඩ්’ ටෙලි නාට්‍යයේ තිර රචකයා වෙන්නෙත් ඔහුයි. ඒ වගේම ඔහු මෙම ටෙලි නාට්‍යට රංගනයෙනුත් දායක උනා.