තප්පරයක් දෙන්න, ලලයි ලිලයි ලයි, අඩෝ, තුම්පනේ, මෙට්‍රෝ හීන, Human Errors, රහයි ජීවිතේ වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසක අධ්‍යක්ෂකවරයා වූ සුපුන් රත්නායකගේ නවතම ටෙලි නිර්මාණය වන ‘LBW’ හි රූගත කිරීම් ඊයේ දිනයේ (23) ආරම්භ වූවා.
ක්‍රිකට් ක්‍රීඩාව පාදක කර ගත් තේමාවක් යටතේ දිවෙන මෙම මෙම ටෙලි නාට්‍ය නම් කර ඇත්තේ ‘Lier Before Wicket’ - කඩුල්ලට පෙර බොරුකාරයා කවුද? යන නමින්.
‘LBW’ ටෙලි නාට්‍යට රන්දික ගුණතිලක, උමාලි තිලකරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, නදීෂා හේමමාලි, පුබුදු චතුරංග, රොජර් සෙනෙවිරත්න, නිරෝෂන් විජේසිංහ, දිදුල ඉඳුවර, රෙබෙකා දිල්රුක්ශි, මැල්කම් මචාඩෝ, ග්‍රේස් ආරියවිමල් වැනි ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් එක් වෙනවා.
‘LBW’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරනු ලබන්නේ සාරංග විජයරත්න විසින් වන අතර මෙහි පිටපත කැලුම් වැලිගම විසින් රචනා කරනු ලබනවා.
මෙහි විධායක නිෂ්පාදනය සුදේව හෙට්ටිආරච්චි විසිනි.
සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ දිනේෂ් සුභසිංහ.