බිම්බා දේවි යශෝදරා කතා චිත්‍රපටය දේශීය ශ්‍රීලාංකේය කාන්තාවන්ගේ ජීවන හරපද්ධතිය බොහෝ විට නිර්මාණය වී ඇත්තේ බෞද්ධ චරිත කතාවන් හි එන යශෝදරා දේවියගේ සංසාරගත කැපවීම හා ප්‍රේමය වෙනුවෙන් ඇය කළ පරිත්‍යාගයන් ඉවසීම් සහ ආදරය පදනම් කරගනිමිනි.
"බිම්බා දේවී යශෝධරා" නමින් බුද්ධ චරිතයේ සිද්ධාර්ථයන්ගේ ප්‍රියම්භිකාව පිලිබඳ සිනමා නිර්මාණය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ සිනමාවේ ඉදිරි පිම්මවෙයි.
වසර ගණනාවක් පුරා කරුණු ගවේෂණය කරමින් බිම්බා දේවි යශෝදරා හි තිර රචනය නිර්මාණය කරනු ලැබුයේ පුජාවලීය පදනම්කර ගනිමින් බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය පැවසීය.
අධිරජ ධර්මාශෝක කතා පුවතෙහි ධර්මා දේවිය ප්‍රධාන චරිතය රගන ධර්මා දේවිය පල්ලවී සුභාෂ් මෙනවියගේ බිම්බා දේවි යශෝදරා ගේ චරිතයට පණ පෙවන්නීය.
පල්ලවී සුභාෂ් පළමුව නිරූපිකාවක් ලෙස කේෂත්රයට පිවිස පසුව සිනමාවට එක්වු ඉන්දියානු නිළියකි. චක්‍රවර්ති අශෝක ටෙලිනාට්‍ය මාලාවේ ධර්මාගේ චරිතය නිරූපනය කිරීමෙන් ඇය ජනප්‍රසාදයට ලක්වී ඇත. එමෙන්ම මරාති ටෙලි නාට්‍ය මාලා කිහිපයකම පෙනි සිටි ඇති ඇය මහභාරත ටෙලිනාට්‍ය මාළාවේ රුක්මනි චරිතය මැනවින් නිරූපණය කළ දක්ෂ රංගන ශිල්පිනියකි.
මෙහි දි සිද්ධාර්ථයන්ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ඉන්දියානු සිනමාවේ රංගන ශිල්පියෙකු වන ඒ. චෞද්රි විසිනි. ඔහු රංගන ශිල්පියෙකු මෙන්ම නිරූපණ ශිලිපියෙකු වශයෙන් ද බෙහෝ ප්‍රසාදයට ලක් වූවෙකි. එසේම ඔහු රංගන ශිල්පියෙකු ලෙස බොහෝ විශේෂාංග චිත්‍රපටවලට මෙන්ම කෙටි චිත්‍රපටවල ද සුවිශේෂී චරිත රඟපා ඇත.
රන්මිහිතැන්න ටෙලි-සිනමා ගම්මානයේ ඉදිකරන ලද අතිදැවැන්ත පසුතලයක දින 45ක් වැනි කෙටි කලකින් චිත්‍රපට රූගත කීරීමට මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු එම කණ්ඩායම කටයුතු කල අතර සංස්කරණ කටයුතු වලින් අනතුරුව මෙම චිත්‍රපටය 2018 වසර මුලදී තිරගත කිරීමට මේ වන විට අදාල කටයුතු ආරම්භ කොට ඇත.
මෙම සිනමා නිර්මාණය නිෂ්පාදනය කරණු ලබන්නේ සරසවි පොත් ප්‍රකාශන සමාගමේ අධීපති එච්ඩී ප්‍රේමසිරි මහතාය. ඔහු මේ වනවිට සිනමා නිර්මාණ කිපයක්ම නිෂ්පාදනය කර ඇත.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග චිත්‍රපට ගණනාවක කැමරා ශිල්පියා වූ චන්න දේශප්‍රිය කැමරාවෙන්ද, පත්තිනි හා අලි කතාව චිත්‍රපටයේ කලා අධ්යක්ෂවරයා වූ බිමල් දුෂ්මන්ත කලා අධ්‍යක්ෂණයෙන්ද ,මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග සිනමා නිර්මාණ රැසක සහාය අධ්යක්ෂණ කටයුතු කළ විමල් දේශප්‍රිය සහාය අධ්යක්ෂවරයා ලෙසද, තිළිණ ලක්ෂාන් හෙට්ටිගමගේ වස්ත්රාභරණ නිර්මාණ ශිල්පියා ලෙසද, ප්‍රියන්ත දිසානායක වේශ නිරුපණ ශිල්පියා ලෙසද, නිෂ්පාදන කළමණාකාරිනිය ලෙස මනෝහාරී හේවාවසම්ද, නිෂ්පාදන සම්බන්ධීකරණනයෙන් ඒ. ඩී රන්ජිත් කුමාර ද ,නර්ථන අධ්යක්ෂවරයා ලෙස චන්දන වික්‍රමසිංහ ද, සංගීත අධ්යක්ෂවරයා ලෙස රෝහණ වීරසිංහ ද ,නිළ ජායාරූප ශිල්පියා ලෙස සන්දේශ් බණ්ඩාර ද තිස්ස සුරේන්ද්‍ර සංස්කරණ ශිල්පියා ලෙස ද මෙම චිත්‍රපටය සඳහා දායකවී ඇත.
මෙම "බිම්බාදේවි හෙවත් යශෝධරා "මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 23වන සිනමා නිර්මාණයවන අතර ඔහුගේ සිනමා ජීවිතයේ සුවිශේෂී චිත්‍රපටය මෙය විය හැකිය.
https://casite-737679.cloudaccess.net/news/1470-yashodara#sigProIdb092a1ed54