සිනමා කෘති රැසක් ප්‍රේක්ෂකයා වෙත දායාද කළ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් නාට්‍යය විෂය අළලා රචිත ග්රන්ථ ත්‍රිත්වයක් පසුගියදා මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේදී එලි දැක්විණි.
සිය ශාස්ත්‍රපති උපාධි නිබන්ධනය ලෙස පේරාදෙණිය සරසවියට ඉදිරිපත් කළ “සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය” ශාස්ත්‍රීය ග්‍රන්ථයත්, 1971 ජාතික නාට්‍යය උළෙලට පරිවර්තනය කර නිෂ්පාදනය කළ යුජින් ඉයනේස්කෝ ගේ “පුටු” නාට්‍ය කෘතියත්, පතිරාජ විසින් රචනා කර ධම්ම ජාගොඩ 1971 දී නිෂ්පාදනය කළ “කොරා සහ අන්ධයා” නාට්‍යය පෙළ සහිත ග්‍රන්ථයත් “වංගගිරිය” නම් අනෙක් නාට්‍ය කෘතියත් මෙහිදී ජනගත කෙරුණි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය සෞම්‍ය ලියනගේ, නාට්‍යවේදී කපිල කුමාර කාලිංග එහිදී කෙටි දේශනා පැවැත්විය.
කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එදින සහභාගී වී සිටියහ.
https://casite-737679.cloudaccess.net/news/1822-2017-09-05-04-09-53#sigProIdc4322a7c80