lan englan tam

පුවත්

ABBA යළි එක් වෙයි; සිව් දෙනාට නයිට් නාම ඇගයුමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප්‍රසිද්ධ ස්වීඩන් පොප් ගායන හා සංගීත කණ්ඩායමක් වන ABBA යළි එකට දැකීමේ අවස්ථාවක් පසුගිය සිකුරාදා (31) ස්ටොක්හෝම් රාජකීය මාලිගයේදී සිදු විය.

මාලිගය විසින් එහි නයිට් පදවි පිරිනැමීමේ අවස්ථාවකට මෙම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් ඇග්නෙතා, බ්ජොන්, බෙනී සහ ඇනී එක්ව සිටියහ.
පසුගිය වසර 50ක් තිස්සේ පිරි නොනැමුණු 'පළමු පන්තියේ අණ දෙන නිලධාරීන්' යන මෙම නයිට් නාම වාසාහි රාජකීය නියෝග පරිදි පිරි නැමිණි.
මෙය ගුස්ටාව් III රජ 1772දී ස්ථාපිත කළ සම්මානයක් වන මෙය ස්වීඩනය වෙනුවෙන් කරන මෙහෙය පිණිස නිර්මාණය කරන ලද සම්මානයකි.

"Dancing Queen", "Thank You For The Music" සහ "Fernando" ඔවුන් ගායනා කළ ගීත අතර තවමත් ලොව පුරා රසිකයින් අසන ගීත පෙළකි.

Back to top
Go to bottom

Popular News